දැනුම

සුවබර නින්දකට මේ දේවල් කරන්න

කෑම බීම වගේම නින්දත් අපිට සෞඛ්‍යමත් ජීවිතයකට හරිම වැදගත් වෙන දේවල් වලින් එකක්.දවසකට වරක් වත් සුවබර නින්දක් ඔබ සතු වුයේ නැතිනම් ඔබට එදිනෙදා කටයුතු කරගෙන යන්නට තියෙන ඉඩකඩ අහුරේවි, ආතතිය, මහන්සිය වගේම වෙහෙස ඔබ වෙලා ගනීවි. අඩු ගානේ ඔබට ඔබේ වාහනයවත් නියමිත පරිදි ඩ්‍රයිව් කරන්නබෑ හරි හැටි නින්දක් නැතිනම්. ඒ නිසා ඒ නින්ද සුවබරව ලබාගන්න මේ තොරතුරු ටිකත් හොඳින් හිත තබා ගන්න. කවදාවත් ඔබේ නින්ද ඔබව හැරයන එකක් නැහැ.

1. දවසට රටාවක්

Image result for color night
දවසේ වැඩ බෙදා ගන්න. එත් දැන් රස්සාවල් එක්ක තියෙන වැඩ බෙදා ගන්න බැරි උනත් නින්දට වෙලාවක් හදාගන්න බැරි වෙන්නේ නැහැනේ. කොහොම උනත් දවසකින් හතරෙන් එකක් ඒ කියන්නේ පැය 6 වත් නින්ද වැඩිහිටියෙකුට අවශ්‍යයි කියලයි වෛද්‍යවරු නිර්දේශ කරන්නේ. ඒ පැය හය රාත්‍රීයේ කොතනින් හරි ලබාගන්න උත්සහ කරන්න, ඔබට වෙනදා නැති ප්‍රබෝධයක් අනිවා දැනේවි.

2. රෑට කෑවේ මොනවද? හදාගන්න

Image result for diner eat

ඉස්සර අපි ටයිම් ටේබල් එකක් හැදුව මතකද? අපි රෑට ආහාරයට ගන්න දේවල් වලිනුත් අපේ නින්ද තීරණය වෙනවා. ඔබ රාත්‍රියට බත් වගේ බර දෙයක් ගත්තොත් නින්ද එන්න ටිකක් වෙලා යාවි. එහෙත් සැලඩ් එකක්, සුප් එකක් වගේ දෙයක් ගත්තොත් හරිම පහසුවෙන් නින්ද ඔබ වෙතට ඒවි.

3. අදහන ආගම සිහිකරන්න

Image result for buddhist people room

දහවල් දවස තිස්සෙම මහන්සි වෙලා ඉන්න මනසට තියෙන එකම සහනය නින්ද නම් ඒ නින්ද තවත් සැපවත් කරන්න අපි අදහන ආගම හෝ දර්ශනය සිහිපත් කිරීම මගින් පුළුවන්, රාත්‍රිය පුරාවට පෙනෙන භයංකර හීන මතකයන් ඔබේ නින්දෙන් ඈත් කර ඔබව පහසුවෙන් තියාවි, මේ අපුරු පුරුද්ද.

4. සැහැල්ලු වෙන්න

Related image

එහෙම කිව්වට කොහොමද සැහැල්ලු වෙන්නේ කියලා කිව්වේ නැහැනේ. සමහර අපේ මිතුරන් කොහේ හරි ගිහින් ආපුවම ඉන්න ඇඳුම පිටින්ම නින්දට යනවා. එහෙම නෙවෙයි. නින්දට කලින් පොඩි වොෂ් එකක් දාගන්න. තමන් ගාව තියෙන සැහැල්ලු ඇඳුමක් ඇඟ ලා ගන්න. කපු වලින් හදපු ඇඳුමක් නම් වඩාත් පහසුවෙයි. ඇඳ ඇතිරිල්ල කොට්ට කවර පිරිසිදුවට තියෙන කොට අර කිව්වා සැහැල්ලු වැඩි වෙලා ඔබ සුව නින්දක උරුමක්කාරයෙක් වෙයි.

5. දහවල් නින්ද සීමා කරන්න

Related image

දහවලට ඔබ නිදා නොගන්නවා නම් හොඳයි ඇත්තටම. දවස පුරා මහන්සි වෙනකොට දහවල් ආහාරයෙන් පස්සේ පොඩි පහේ නිදිමතක් එනවා නම් තමා එත් ඒ නින්දට හුරු වෙන්න එපා. එයින් ඔබේ රාත්‍රී නින්දට බාදා වේවි, නිදන කාලය කෙටිවේවි. එහෙම උනොත් වෙන්නේ ඉතින් බස්සෙක් වගේ රෑ තිස්සේ ඉන්ටනෙට් යන්න තමා ඔන්න. ☺

6. දවස පුරා ක්‍රියාශීලී වන්න.

Image result for office work

 

ඔබ රැකියාව කරන්නේ දුවලා පැනලා මහන්සිවෙන ක්ෂේස්ත්‍රයක නම් අවුලක් නැහැ, එත් දවසම ඉඳගෙන ඉන්න ඔෆිස් රස්සාවක් නම් මේ දේවල් අදාලයි. එහෙම රස්සාවක් කරනවා නම් අඩුම ගානේ පැය භාගෙකට වරක් වත් පොඩ්ඩක් ඇවිදලා හරි එන්න, එක ගොඩක් ඔබේ සෞඛ්‍යට දීර්ගකාලීනව උදව්වක් වේවි, ඊට අමතරව, මහන්සි වෙලා ගෙදර ආවම නින්ද ඔබ වෙතට ඉතා ඉක්මනින් ඒවි.

7. රැකියාවේ ප්‍රශ්න ඇඳට අරන් යන්න එපා.

Image result for sleep night

මොකද ඇඳ කියන්නේ ඔබේ සැපපහසු විමානය. ඕබේ නැවත ඉපදීම සිදුවන තැන, එහෙම තැනකට ඔබ දවස පුරා වද දෙන ප්‍රශ්න අරන් ගිහින් කල්පනා කරනකොට ඔබව නින්ද හැර යන්නේ නොකියාම. ප්‍රශ්න පැත්තකින් තියලා හොඳට නිදියන්න. සමහරවිට ඔබේ නින්ද ඔබව දහවල් දවපු ප්‍රශ්නයට උත්තර ඔබ නැගිටිද්දී හොයලා තියන්නත් ඉඩ තියෙනවා.

8. නින්ද ටිකින් ටික පරක්කු කරන පරිගණක තිර දෙස බලා සිටීම.

Image result for computer work

ඔබ ටීවී එක හරි පරිගණකය හරි ලඟට වෙලා තමන්ගේ ඉඳලා නිදාගන්න හදනකොට නම් ඉතා අමාරුයි. නින්ද ලගකටවත් එන්නේ නැහැ. එකට කරන්න තියෙන්නේ පරිගණක රුපවාහිනී නිවා තැබුවාට වඩා ටික කාලයක් ගෙන එදිනෙදා කටයතු වලට එදිලා නින්දට යන එක හරි ශෝක්.

9. ඇඳ උඩ සිට පාඩම් වැඩ

Image result for bed room man read book

ටෙලිනාට්ටි වල ඉන්න අපේ නිලි නළුවෝ ගොඩාක් පාඩම් කරන්නේ ඇඳවල් උඩ බෝනික්කෝ එහෙම තුරුළු කරගෙන, හැබැයි එහෙම ඔබ පාඩම් කලොත් ඔබට වෙන්නේ පාඩමට කලින් ඔබට දොයිය බබා වෙන්න. ඒ නිසා නින්දට කලින් පොතක් පතක් කියෙව්වට කිසි වරදක් නැතත් ඒකත් නිදි දෙවුදුව ඔබ වෙතට එනකල් විතරක් තියාගන්න.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top