News

ලෙස්ටර්ගේ සම්මානය සොරාගත් 06 ක් අත්තඩංගුවට

සිනමාවේදී අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරීස් මහතාට හිමි අතුරදන්වු ‘රණමයුර ‘ සම්මානය හා එතුමාගේ ඥාති දියණියට අයත් රුපියල් ලක්ෂයක් පමණ වටිනා ජංගම දුරකතනයක් සොරාගත් පුද්ගලයින් හය දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි බම්බලපිටිය පොලීසිය පවසයි.

එම සැකකරුවන් අතර ත්‍රිරෝද රථ රියදුරකු ,ජංගම දුරකතන අලෙවිකරුවෙකු, සහ ගැට කපන්නෙකු සිටින බවද, ඔවුන් සතුව තිබී සොරකම් කරන ලද තවත් ජංගම දුරකතන 08 ක් සොයාගෙන ඇතැයි පොලීසිය පවසයි.

ඉකුත් 02 වැනිදා ජේම්ස් පීරිස් මහතාගේ අවසන් කටයුතු සිදුකිරීමට පෙර නිවසේදී සිදු කළ ආගමික වතාවත් අතරතුරදී එතුමාට හිමි සම්මානය කිසිවකු සොරාගෙන තිබු අතර එදිනම ඥාති දියණියගේ ජංගම දුරකතනයද සොරාගෙන තිබිණි.

නිවසේ ආරක්ෂක කැමරාවේ සටහන් වු දත්ත අනුව මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර සිදු කරන ලද පරීක්ෂණ වලදී ත්‍රිරෝද රථ රියදුරු පවසා ඇත්තේ දින දෙකක් පමණ එහි පැමිණ තුන්වැනි දිනයේදී තවත් පුද්ගලයින් දෙදනකු සමඟ පැමිණ ලෙස්ටර් ජේමිස් පිරීස් මහතාට හිමි සම්මානය සොරකම් කරගෙන ගිය බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් බම්බලපිටිය පොලීසිය පරීක්ෂණ පවත්වයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top