News

වැඩ භාර ගන්නා උත්සව වලට මහජන මුදල් එපා – මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරීපත්වූ නගරාධිපතිවරුන්, නගර සභාපතිවරුන් සහ ප්‍රාදේශීය සභාසභාපතිවරුන් සිය නිල කටයුතු ආරම්භ කිරීමේදී එම සභාවල මහජන මුදල් වැයකොට උත්සව පැවැත්වීමෙන් වැළකිය යුතු යැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා දැනුම් දී තිබේ.

බස්නාහිර පළාතේ ඇතැම් මහ නගර සභා, නගර සභා හා ප්‍රාදේශීය සභාවල සභාපතිවරුන් රාජකාරී ආරම්භ කිරීමේදී මහජන මුදල් විශාල වශයෙන් වැයකොට උත්සව සංවිධානය කරන බවට තමන්ට පැමිණිලි ලැබී ඇතැයි කී හිටපු ජනාධිපතිවරයා එය බලවත් වරදකැයි ද පැවැසීය.

දුප්පත් මහජනතාවගේ වරිපනම් මුදල්වලින් නඩත්තුවන නගර සභා, මහ නගර සභා හා ප්‍රාදේශීය සභාවල අරමුදල් මහජන සේවාවන් සඳහා යෙදවිය යුතුව තිබියදී වත්මන් රජය කරන්නා සේ උත්සව කටයුතු වෙනුවෙන් මහජන මුදල් වැයකිරීම තමා කිසිසේත්ම අනුමත නොකරන බවද මහින්ද රාජපක්‍ෂ මහතා කීය.

නාගරික කොමසාරිස්වරුන් හා නගර සභා බලධරයන්ට මේ ආකාරයේ මුදල් ගෙවීම් අනුමත කරන ලෙස බලනොකළ යුතු යැයි පැවසූ හිටපු ජනාධිපතිවරයා ඉතාමත් සරල චාම් උත්සවයක් පවත්වා සේවා කටයුතු අරඹන ලෙස නගර සභා හා ප්‍රාදේශීය සභාවලින් ඉල්ලා සිටින බව සඳහන් කළේය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top