News

මැයි පළමු වැනිදා නිවාඩුව මැයි හතට කල් යයි

ජාතික වෙසක් සතිය 2018 අප්‍රේල් 26 වැනි දා සිට 2018 මැයි 02 වැනි දා දක්වා යෙදීම හේතුවෙන් ලෝක කම්කරු දිනය වෙනුවෙන් 2018 මැයි 01 අඟහරුවාදා දිනට යෙදී ඇති රජයේ හා බැංකු නිවාඩු දිනය අවලංගු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ඒ වෙනුවට 2018 මැයි දිනය සැමරීම සඳහා2018 මැයි 07 වන සඳුදා දින රජයේ හා බැංකු නිවාඩු දිනයක් විය යුතු බව 1971 අංක 29 දරන නිවාඩු පනතේ 10 (1) (ආ) වගන්තියෙන් හා 11 (1) (ආ) වගන්තියෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top