News

යාපනයේ මාදැලකට රුපියල් කෝටියකට අධික පරා ඉල්ලමක්

යාපනය වඩමාරච්චි ප්‍රදේශයේදී ඊයේ (17) සවස එලන ලද මාදැලකට පරා මාළු කිලෝ දසදහසකට වැඩි ප්‍රමාණයක් හසු වූ බවට වඩමාරච්චි ධීවරයෝ පවසති.

සුපුරුදු පරිදි මාදැල ඇදීම සිදු වුවද එලන ලද මා දැල අදින ලද අවස්ථාවේදී වෙනදා සිටි පිරිසට මා දැල ඇදීමට අසීරු වී ඇති අතර තවත් බොහෝ පිරිසකගේ සහය ඇතිව මාදැල ඇදීම සිදුකළ අතරම එහිදි පරා මාළු රංචුවක් තම මා දැලට හසුව තිබූ බව ධීවරයෝ කියති.

මාදැලෙන් හසුවූ බොහෝ පරා මාළුන් කිලෝ එකකට වැඩි බරකින් යුක්ත වූ අතරම එම මාළු තොගයේ වටිනාකම රුපියල් කෝටි එකහමාරකට ආසන්න වේ.

හසු වූ පරා මාළුන් තොග මිලකට විකිණීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතරම අවුරුදු අවසන් වී ධීවර කර්මාන්තය ආරම්භ වීමත් සමඟ මෙවැනි මාළු අස්වැන්නක් ලැබීම පිළිබඳව සියළුම ධීවරයින් මහත් සතුටින් සිටින  බවයි.

 

 

උපුටා ගැනිම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top