ලෝකය

අම්මා තාත්තා මැරිලා අවුරුදු හතරකට පස්සේ බබා ඉපදිලා

මව සහ පියා මියගොස් සිවුවසරකට පසු උපත ලැබූ බිලිඳකු ගැන චීනයෙන් වාර්තා වේ. මෙම බිලිඳා උපත ලබා ඇත්තේ ‘අයිවීඑෆ්’ හෙවත් නළ දරු ක්‍රමයට වෙනත් රටක මවකටය.

බිලිඳාගේ පළමු මව සහ පියා රිය අනතුරකට ලක්වී මියගොස් ඇත්තේ 2013 වසරේදීය. ඔවුන් දරුවන් නොමැතිව සිටි දෙදෙනකි. මියයන අවස්ථාව වෙද්දී, ඔවුන් නල දරු ක්‍රමයට දරුවකු අපේක්ෂාවෙන් කලල කිහිපයක් අධිශීතකරණයට ලක් කර සුරක්ෂිතව තබා ඇත. ඒ, චීනයේ නැන්ජින්ග් රෝහලේ, ද්‍රව නයිට්‍රජන් ටැංකියක් තුළ අංශක රින 196 ක උෂ්ණත්වයක් යටතේ ය. කලල ‘මුදවා’ තැබීම සිදු කරන්නේ මේ අයුරිනි.

යුවල මියගිය අවස්ථාවේ ඔවුන්ගේ මාපියන් කලල ආපසු ලබා ගැනීමට උත්සාහ කළ බවත් ඒ සඳහා ඔවුන් අධිකරණයේ පිහිට පැතූ බවත් වාර්තා වේ. කෙසේ නමුත් එම උත්සාහය අසාර්ථක වී ඇත.

ඒ අනුව, මව පියා මියයෑමෙන් පසු නිරෝගීව පැවැති එක් කලලයක් යොදා ගනිමින් නල දරු ක්‍රමයට මවක් වීමට වාසනාව ලැබුණේ ලාඕසයේ කාන්තාවකි. වෛද්‍යවරුන් කලලයේ හිමිකරුවන් ගැන සියලු විස්තර ඇයට පවසා ඇති බව ද වාර්තා වේ.

(රොයිටර්)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top