News

මහනුවරින් පෙට්‍රල් බෝම්බ 12 ක් සොයාගනියි

මහනුවර, ඉලුක්තැන්න ප්‍රදේශයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 12 ක් පොලීසිය විසින් අද (09) අලුයම සොයාගෙන තිබේ.

යම් ප්‍රචණ්ඩකාරී ක්‍රියා සිදු කිරීමේ අරමුණින් මෙම පෙට්‍රල් බෝම්බ රැගෙන විත් සඟවා තබන්නට ඇතැයි පොලිසිය සැක පළ කරන අතර මෙය කවුරුන් විසින් සිදු කළේද යන්න පිළිබඳව මෙතෙක් අනාවරණය කර ගැනීමට හැකියාවක් ලැබී නොමැත.

ඊයේ (08) වැනිදා ද මේ අයුරින්ම පේරාදෙණිය , ප්‍රගති මාවතේ මාර්ගයේ සඟවා තිබු පෙට්‍රල් බෝම්බ 11ක් සොයා ගැනීමට පොලිසිය සමත් වු අතර මේවා කවුරුන් විසින් ගෙන දමන ලද්දක්දැයි පොලීසිය විසින් පරීක්ෂණ පවත්යි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top