ක්‍රිඩා

ශ්‍රි ලංකාව ඉදිරියේ ඉන්දියාව දන නවයි

නිදහස් කුසලාන පලමු තරගය මීට සුළු මොහොතකට පෙර නිමා වූයේ ලංකාවට ජයග්‍රහනය අත් කර දෙමිනි.කාසිය වාසිය දිනාගත් දිනේෂ් චන්දිමාල් ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කල අතර ඉන්දියානු ඉනිමේ පලමු කඩුල්ල ලෙස නායක රෝහිත් ෂර්මා ලකුණු නොලබා දැවී ගියේය.කෙසේ නමුත් ෂිකර් දවාන් සමග මනේෂ් පාන්ඩේ ඉන්දියානු ඉනිම විශාල ලකුණු පුවරුවක් කරා රැගෙන ගියේය.එහිදී ෂිකර් දවාන් ලකුණු 90 ක් සහ පාන්ඩ්යා ලකුණු 37 ක් ලබා ගැනීමට සමත් වුණා.ඒ අනුව පන්දු ඕවර 20 අවසානයේදී ඉන්දියාව කඩුළු 5 ක් දැවී ලකුණු 174 ක් ලබාගැනීමට සමත් වුණා.

පිලිතුරු ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රි ලංකා කණ්ඩායමේ ප්‍රතම කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 11 ටද දෙවන කඩුල්ල ලෙස ගුණතිලක ලකුණු 19 ක් ද දැවී ගියා.

ආබාධය නිසා කලකට පසු පිටියට පිවිසි කුසල් පෙරේරා තරගය තමන් වෙතට නතු කරගනිමින් ඉන්දිය පන්දු යවන්නන්ට එලව එලව ප්‍රහාර එල්ල කල අතර ඔහු පන්දු 37 කදි ලකුණු 66 ක් ලබා ගැනීමට සමත් වුණා.පිලිවෙලින් චන්දිමාල් 14 ක් තරංග 17 ක් හා දසුන් ශානක ලකුණු 15 ක් ලබා ගැනීමට සමත් වුණා.

තරගයේ අවසන් ඕවර කිහිපය තියුණු මුහුණු වරක් ගත් අතර තිසර පෙරේරා  6 පහරක් සහ 4 ක් පහරක් ලබාගනිමින් තරගය අවසන් කරනු ලැබුවා තිසර පන්දු 10 කට ලකුණු 22 ක් ලබා ගත්තා.ඒ අනුව ඕවර 18.3 පන්දු තුනක් තුල ජයග්‍රාහි ඉලක්කය පසු කර යාමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ වීරයා කුසල් පෙරේරා

 

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top