News

සන්ධාන ප්‍රභලයෝ රැසක් ඇමතිධූර අත් හරිති

2018 පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල මේ මොහොත වන විටත් එනම් මෙම ලිපිය සකසන 2018.02.11 උදෑසන මේ වන විට ලැබෙමින් ඇත.

නමුත්, ෆෙස් බුක් වැනි සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මේ වන විටත් ඡන්ද කොට්ඨාස මට්ටමින් නිල නොලත් ප්‍රතිඵල නිකුත් වී ඇති අතර ඒ අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) බහුතර ජනමතය දිනාගෙන ඇත.

ඒ සමගම දේශපාලන පිටියේ දැඩි උණුසුම් වාතාරවරණක් මතුව ඇත. කෙසේ වෙතත් නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වන තුරු ඉවසීමෙන් සිටින ලෙස මැතිවරණ කොමසාරිස් වරයා ප්‍රකාශ කර ඇතත් ආණ්ඩුපක්ෂය තුළ දැවැන්ත වෙනසක් සිදුවෙමින් පවතින බවට වාර්තා පැමිණෙමින් පවතී.

ඒ අනුව, ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරුන් කිහිප දෙනෙකු එම තනතුරු වලින් ඉල්ලා අස්විමට තීරණය කර ඇති බවත් ඒ තුළ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන ප්‍රබල අමාත්‍ය වරයෙකුද සිටින බවයි වාර්තා වෙයි.

පළාත් පාලන මැතිවරණයක මුහුණුවර වෙනස් වෙමින් පවතින මෙම මැතිවරණයේ ප්‍රතිඵල ජාතික දේශපාලනය පවා උඩුයටිකුරු කරමින් දැඩි උණුසුම් වාතාවරණයක් ඇති වෙමින් පවතින බව ආරංචි මාර්ග මගින් පැහැදිලි වේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top