News

රනිල් වික්‍රසිංහ අගමැතිකමෙන් ඉල්ලා අස්වෙයිද ?

මේ වන විට නිල නොලත් ආරන්චි මාර්ග වලට අනුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉල්ලා අස්සවන බවට තීරණයක් ගෙන ඇති බව වාර්තා වෙනවා.

 

 

එය තවමත් මාධ්‍ය වෙත නිකුත් කර නොමැති අතර මේ වන විටත් බල පෙරලිය සදහා රහස් සාකච්චා ගනනාවක් සිදු වෙමින් පවතිනවා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට අගමැති ධුරය බාරගන්නැයි ආරාධනා කල බවට පලවන වාර්තා සම්බන්ධයෙන් අප කල විමසීමකදී හිටපු ජනාධිපතිවරයාගේ අතිශය සමීපතමයෙකු කියා සිටියේ මෙම මැතිවරණය පළාත් පාලන මැතිවරණයක් මිස පාර්ලිමේන්තුවේ අගමැතිවරයා තෝරන මැතිවරණයක් නොවන නිසා අගමැති ධුරය කිසිසේත්ම බාර නොගන්නා බවයි.

හිටපු ජනාධිපතිවරයා විසින් කිසිසේත්ම පිං අගමැතිකම් බාර නොගනු ඇති බවත් ඔහු තහවුරු කලේය.

කෙසේ වෙතත් වහාම පාර්ලිමේන්තුවේ යෝජනා සම්මත කර පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයක් කැදවීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු යයිද ඒ මහතා සදහන් කර ඇත.

නමුන් ආණ්ඩු විරෝධි ජනමතය ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණට ලැබී ඇති බැවින් වත්මන් පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඒකාබද්ද විපක්‍ෂයට ලබා දිය යුතුම බවත් එය බාර ගැනීමට සූදානම් බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

 

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top