News

අගමැති ආණ්ඩුව බදා ගනී .. ප්‍රබලයන් ඉල්ලා අස් වෙති

පළාත් පාලන මැතිවරණ පරාජයත් සමග මහමැතිවරණයක් වෙත යාම පිළිබඳ මේ වන විටත් සංවාදයක් පවතින නමුත්, වසර 2020 දක්වාම ආණ්ඩුව ගෙන යා හැකි බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළ බව, තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

අග්‍රමාත්‍යවරයාගේ අදහස වී තිබෙන්නේ 2015 ජනවාරි 8 වැනිදා ජනතාව ලබාදුන් ජන වරම, පළාත් පාලන මැතිවරණයේ අනපේක්ෂිත පරාජය හේතුවෙන් කණපිට හැරවිය නොහැකි බවයි.

කෙසේ වෙතත් මීට සුළු මොහොතකට ලැබුණු ආරංචි මාර්ග අනුව අගමැති ඉල්ලා අස්වීමට සූදානම් බවත් මේ වන විට ඒ පිලිබදව සාකච්ඡා පැවත්වෙන බවත් වාර්තා වෙනවා.පක්ෂය තුල මේ වන විටත් ගැටලුකාරි තත්වයක් උද්ගත වී තිබෙනවා.

මීට පෙර තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් වාර්තා වූ අන්දමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත අගමැති ධුරය පිරිනැමීමේ යෝජනාව ඉදිරිපත් කර තිබෙන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි. නමුත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් බැසිල් රාජපක්ෂ මහතා විසින් එම යෝජනාව එකහෙළා ප්‍රතික්ෂේප කර ඇති අතර, ඔහුගේ යෝජනාව වී තිබෙන්නේ වහාම මහ මැතිවරණයකට යා යුතු බව ය.

ආණ්ඩුවේ ප්‍රබලයන් 7 ක් අද අස්වෙති

 

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top