ක්‍රිඩා

ජනමතයට ගරු කරමින් අගමැතිකම භාරගන්න – ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

අනුර ප්‍රියදර්ශන යාපා, ඩිලාන් පෙරේරා, නිමල් සිරිපාල ද සිල්වා, ජෝන් සෙනෙවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් 7 දෙනෙක් අද දිනයේ ආණ්ඩුවෙන් සහ සිය ධුරයන්ගෙන් ඉල්ලා අස්වීමට නියමිත බව තහවුරු නොකළ ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වේ.

පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිඵල වලට අනුව අභ්‍යන්තර වාර්තාවලින් පෙනී යන්නේ නෙළුම් පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පළාත් පාලන ඡන්දයෙන් 65%කට අධික බලයක් තහවුරු කර ගැනීමට නියමිත බව ය.

මෙම ප්‍රතිඵලයත් සමග බලයේ සිටින ආණ්ඩුවක් පළාත් පාලන මැතිවරණයකදී ලද දරුණුම පරාජය වාර්තා වීමට නියමිත අතර, මේ වන විටත් ආණ්ඩු පක්ෂයේ ඉදිරි වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් පවතින්නේ අර්බුදකාරී තත්වයකි.

පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලවලින් ආණ්ඩුවට අන්ත පරාජයක් ලැබී ඇති අතර ඒ අනුව ජනමතයට ගරුකරමින් අගමැති ධුරය බාර ගන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ආරධනා කරන්නැයි ජනාධිපතිවරයාගේ උපදේශකයින් කිහිප දෙනෙකුට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top