ලෝකය

සෙනසුරු සහ බ්‍රහස්පති චන්ද්‍රයන්ගේ පිටසක්වල ජීවය ?

සාගරයට මුහුණ පා, පෘථිවියේ ඈත කෙළවර පිහිටි ඇන්ටාර්ටිකාව සීතල අඳුරු පාළු ගුප්ත පෙදෙසකි. දීර්ඝ කාලයක් පුරාවට හිම වැටී තට්ටු ගණන්වලට හිම මිදුණු මෙම භූමියේ ජීවය පවතීදැයි පරීක්ෂා කර බැලීමට විද්‍යාඥයින් පෙළඹුණහ. ඔවුන්ට විශ්වාස කළ නොහැකි අන්දමින් ඔවුන්ට දැකිය හැකි වූයේ ඇන්ටාටිකාවේ මිදුණු අයිස්වලට යටින් ඉතා පොහොසත් ක්ෂුද්‍රජීවි පරිසර පද්ධතියක් තිබෙන බවයි. ඒ සොයාගැනීමත් සමඟින් පෘථිවියට පිටතින් සෞරග්‍රහ මණ්ඩලයේ පිහිටි අයිස් මිදුණු චන්ද්‍රයන්ගේ ද ජීවය තිබිය හැකි බව ඔවුහු ප්‍රකාශ කරති.

සෙනසුරු හා බ්‍රහස්පති ග්‍රහයන්ට අයත් අයිස් මිදුණු චන්ද්‍රයන්ගෙන් පිටසක්වළ ජීවින් සොයා ගත හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ විශ්වාස කරති. පෘථිවියේ ජීවයක් පවතීවි යැයි සිතිය නොහැකි සීතල බිමක ජීවයක් ආරක්ෂා වි තිබුණේ නම් එවන් භූමි භාගයන් සහිත වෙනත් ග්‍රහලෝකවල ද ජීවයක් ආරක්ෂා වී තිබීමට ඉඩ ඇතැයි ඔවුහු පවසති.

ජීවයක් ඇතැයි විශ්වාස කළ හැකි අයිස් චන්ද්‍රයන් පහක් සෞරග්‍රහ මණ්ඩලයේ තිබේ. බ්‍රහස්පතිට අයත් යුරෝපා චන්ද්‍රයා ඉන් එකකි. එම චන්ද්‍රයා මතුපිට පෘථිවියේ ඇති සාගරයට වඩා දෙගුණයක් විශාල දියරමය සාගරයක් ඇතැයි විශ්වාස කරති. ඝන අයිස් තට්ටුව අස්සේ දියරමය සාගරයක් පවතින්නේ එහි උණුසුම් දියවැල් ගලා යන නිසා යැයි විද්‍යාඥයෝ පවසති.

සෙනසුරුට අයත් චන්ද්‍රයෙකු වන ටයිටන් ග්‍රහයා බැලූ බැල්මට වාසයට සුදුසු ග්‍රහයෙකි. එය ගංගා, මුහුදු හා විල් ආදියෙන් පිරී තිබේ. එහෙත් ඒ සියල්ලෙහි ගලා යන්නේ ජලය නොව මීතෙන් හා එතේන් ය. මෙම චන්ද්‍රයාගේ මතුපිට උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක සෘණ 292 කි. මෙතරම් අධික සීතලක් සහිත එතේන් මීතෙන් ගලා යන මෙම ග්‍රහලෝකය මත ජීවයක් නම් කිසි සේත්ම බලාපොරොත්තු විය නොහැකි බවට සිතුණත් මෙහි ජීවයක් පැවතිය හැකි බව විද්‍යාඥයෝ සඳහන් කරති.

මෙහි අභ්‍යන්තරයේ උණුසුම් දිය වැල් සහිත මුහුදක් තිබිය හැකි නිසා එයින් ග්‍රහයාට උණුසුමක් ලැබේ. එසේම පෘථිවිය මත වුවත් මීතේන් ජීවය ගොඩ නැඟීමට සහය වන නිසා එය ජීවයක පැවැත්මට අහිතකර නොවෙනු ඇතැයි ඔවුහු පවසති.

 

 

එන්සිලාඩිස් ග්‍රහයා ජීවයට නුසුදුසු සීතලෙන් හිරි වැටුණු ග්‍රහයෙක් ලෙසින් පෙනුණත් එහි අභ්‍යන්තරයේ යුරෝපය තරම් විශාල සාගරයක් පිහිටා ඇතැයි විද්‍යාඥයෝ සඳහන් කරති. චන්ද්‍රිකාවලට මෙම සාගරයේ පැහැදිලි දසුනක් ලබා ගැනීමට නොහැකි වුවත් කැසිනි යානාව එම කටයුත්ත ඉෂ්ට කරනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

කැසිනි එන්සිලාඩස් චන්ද්‍රයාගෙන් සාම්පල් කිහිපයක් ගෙන ඒමට නියමිත අතර එම සාම්පල් පරීක්ෂාවෙන් පසුව එහි ජීවයක් ඇත්ද නැත්ද යන කාරණාව තහවුරු කර ගැනීමට අවස්ථාව ලැබෙනු ඇත.

කැලිස්ටෝ හා ගැනිමීඩ් චන්ද්‍රයන් දෙදෙනා සහෝදරයින් වැනිය. මෙම ග්‍රහයන් දෙදෙනාගේම දියරමය සාගරයක් තිබේ. එහෙත් අභ්‍යන්තරයේ ඇති මුහුදු පාෂාණවලට යටින් සැතපුම් 60ක් පමණ ගැඹුරට වෙන්නට පිහිටා ඇතැයි නාසා ආයතනය උපකල්පනය කරයි.

කෙසේ වෙතත් එන්සිලාඩිස් වැනි චන්ද්‍රයන්ට සාපෙක්ෂව මෙම චන්ද්‍රයන් දෙදෙනා මත ජීවයක් පැවැතීමේ වැඩි ඉඩකඩක් පැවතිය හැකි යැයි නාසා ආයතනයේ වාර්තා පෙන්වා දෙයි.

 

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top