News

බ්‍රිෙග්ඩියර් ප්‍රියංකට එරෙහිව බ්‍රිතාන්‍යයේ උද්ඝෝෂණයක්

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව දෙමළ ඩයස්පෝරාව විසින්  බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා ඇතැයි තානාපති ආරංචි මාර්ග පවසයි.

බ්‍රිතාන්‍ය දෙමළ සංසදය හා කොටි නායකයෙකු වන වී.රැද්‍රකුමරන් ගේ නායකත්වයෙන් යුතු දෙමළ ඊළාම් සංක්‍රාන්ති ආණ්ඩුව එක්ව ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (09) රාත්‍රී යේදී  පමණ එම උද්ඝෝෂණය පැවති බවද එම තානාපති ආරංචි මාර්ග කියා සිටෟ.වාර්තා වේ.

පසුගිය 04 වනදා බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවති අතර එම උද්ඝෝෂකයින්ට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා විසින් අභිනයෙන් සිදුකළ දැනුම්දීමකට විරෝධය පළ කරමින් එම උද්ඝෝෂණය පැවති බව වාර්තා වේ.

කෙසේවෙතත් අදාළ උද්ඝෝෂණයට සමගාමීව බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට සහය පළ කිරීමට එම ස්ථානයට පැමිණ තිබේ.

එලෙස පැමිණි ශ්‍රී ලාංකිකයින් හට  උද්ඝෝෂකයින් විසින් පහරදීමට ද උත්සාහ කීරීමක්ද සිදුව ඇතැයි සදහන් වේ.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top