News

බ්‍රිෙග්ඩියර් ප්‍රියංකට එරෙහිව කිසිදු පරීක්ෂනයක් නෑ – හමුදාපති

බි‍්‍රතාන්‍යයේ ලන්ඩන් අගනුවර ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිටදි උද්ඝෝෂයේ නිරත පිරිසකට අතින් ‘‘ ගෙළ සිද දමන ’’ ආකාරය නිරූපණය කිරීමේ සිද්ධිය මුල්කරගෙන ශි‍්‍ර ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වන බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මහතාට එරෙහිව කිසිඳු පරීක්ෂණයක් සිදු නොකරන බව හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා ලංකාදීපයට පැවසීය.

සිද්ධිය වූ දිනයේ විරෝධතාකරුවන් එල් . ටී . ටී . ඊ ධඡ ඔසවාගෙන ශ්‍රි ලංකා රජයට චෝදනා කරමින් ප්‍රභාකරන්ගේ ගුණ ගායනා කරමින් සිටියදී බි‍්‍රගේඩියර්වරයා එම ස්ථානයේ සිට සිය අතේ පළදාගෙන සිටි ශ්‍රි ලංකා ධඡය ඔවුනට පෙන්වා ශ්‍රි ලංකා රජය ප්‍රභාකරන්ගේ ගෙළ මුලුමනින්ම සිඳදා ඇති බවට නිරූපනය කරමින් පෙන්වා ඇතැයි හමුදාපතිවරයා සඳහන් කළේය.

මෙම සිද්ධිය පිළිබඳ සොයා බැලීමේදී මෙම කරුණු තහවුරු වු බවද හමුදාපතිවරයා කීය.

අන්තර්ජාලයේ පළ වු අයුරින් මෙය කිසිසේත්ම උද්ඝෝෂණකරුවන්ගේ ගෙළ සිඳ දමන බවට කළ නිරූපනයක් නොවන බවද හමුදාපතිවරයා සඳහන් කළේය.

තමන් අද දිනයේ සියලු කරුණු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කරන බවද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top