මිනී ඔළුවක් බඳු බියජනක පෙනුමෙන් යුත්, විශාලත්වයෙන් මීටර 700ක් පමණ වන ග්‍රහකයකට යළිත් වරක් මුහුණ දීමට පෘථිවිය සූදානම්ව සිටී. පළමු වැනි ග්‍රහකය පොළොවේ සිට සැතපුම් 3,10,000කට අෑතින් පැයට සැතපුම් 78,000ක වේගයෙන් ඇදී ගියේ 2015 ඔක්තෝබර් 31 වැනිදාය. එය සියලු සාන්තුවරයන්ගේ දිනයට පෙර දිනයයි. (ඩ්චතතධඹඥඥද) 2018 නොවැම්බරයේදී එම ග්‍රහකය යළිත් පෘථිවිය දෙසට එන අතර ඒ විස්මයජනක සංසිද්ධියෙන් විද්‍යාඥයන්ට ඔවුන්ගේ අධ්‍යයන සඳහා තවත් අවස්ථාවක් උදාවෙයි.
එය කෙබන්දක්ද..?
මෙම ග්‍රහකය, සූර්යයා වටා වාර බොහෝ ගණනක් භ්‍රමණය වීමෙන් අනතුරුව වාෂ්පශීලී සංයෝජන වියැකීම නිසා නිවී ගිය ධූමකේතුවක්ම විය හැකි යැයි විද්‍යාඥයෝ අදහස් කරති. ග්‍රාහක හා ධූමකේතු අතර පුළුල් වෙනස ඒවායේ සංයුතියෙන් ප්‍රකටව දැක්වෙන අතර ග්‍රාහක පාෂාණ හා ලෝහ යන දෙවර්ගයෙන්ද ධූමකේතු හිම හා පාෂාණ යන දෙවර්ගයේ වඩා විශාල සමානුපාතයකින්ද යුක්තය.
ග්‍රාහක හා ධූමකේතු සූර්යයා වටා ගමන් ගන්නා කක්ෂද එකිනෙකට වෙනස් වන නමුත් ඇතැම් විටෙක ඒ වෙනස පැහැදිලිව දැකගැනීම දුෂ්කර වෙයි. මේ දෙවර්ගයම නිර්මාණය වී ඇත්තේ අවුරුදු හාරසිය හැට කෝටියකට (460,00,00,000) පමණ ඉහතදී අපගේ සෞරග්‍රහ මණ්ඩලය නිර්මාණය වීමේ මුල් අදියරවලදී යැයි සැලකේ.
2015 දී පෘථිවිය සමීපයෙන් ඇදී ගිය ග්‍රහකය පිළිබඳ පුළුල් අධ්‍යයනයක යෙදී තමන්ගේ නිරීක්ෂණ ඇතුළත් කොට පත්‍රිකාවක්ද මෑතදී ප්‍රකාශයට පත්කළ විශේෂඥයෝ එම ග්‍රහකය මේ වසරේ ආපසු පැමිණි විට ඒ සම්බන්ධයෙන් කිරීමට බලාපොරොත්තු වන අධ්‍යයනයට අදාළ නිරීක්ෂණද මුල් නිරීක්ෂණවලට එක් කිරීමට සූදානම්ව සිටිති.
2015 ග්‍රහකය නිරීක්ෂණය කරනු පිණිස විශේෂඥයෝ හවායිහි “පෑන්-ස්ටාර්ස්” (ර්ථීචද – ඉඊඒඅඉ) නමැති දුරේක්ෂය හා ලොව පුරා ඇති ආකාශ වස්තු නිරීක්ෂණාගාරද යොදා ගත්හ. එම ග්‍රහකය සෑම පැය 2.94 කටම වරක් භ්‍රමණයක් සම්පූර්ණ කරන බව ඒ සම්බන්ධයෙන් පළවුණු පත්‍රිකාව කියැවූ තාරකා විද්‍යාඥයෝ නිගමනය කළහ. තරමක් පැතලි, ඕවාලාකාර හැඩයෙන් යුත් මෙම ග්‍රාහකයේ විශාලත්වය මීටර් 625-700 පමණ වන අතර එහි භ්‍රමණ අක්ෂය පොළොවට සමීපම තැන්වලදී පොළොව හා ලම්බකව සිටී.
මෙම ග්‍රාහකයෙහි පවත්නා තාපයත් ග්‍රහකය තාපය අවශෝෂණය කර ගන්නා වේගය හා පිට කරන වේගයත් මේ ප්‍රමාණයේ වෙනත් ග්‍රහකයක එම වේගයටම සමාන යැයිද විද්‍යාඥයෝ කියති. මෙහි පරාවර්ත කතාව හෙවත් පරාවර්තක බලය සියයට පහක් හෝ හයකි.
මෙම ග්‍රහකය ඉතාම අඳුරු පැහැති බවත් එහි පරාවර්තක බලය අඟුරුවල එම බලයට වඩා වැඩි වන්නේ ඉතාම අල්ප වශයෙන් බවත් එම ප්‍රතිශතයෙන් තහවුරු වෙතැයි, ඇන්ඩලුසියාහි තාරුකා භෞතික විද්‍යා ආයතනයේ පර්යේෂක පැබ්ලෝ සැන්ටෝස් සෑන්ස් ලිඛිතව ප්‍රකාශ කළේය.
මෙම ග්‍රහකය දැන් පොළොවේ සිට නක්ෂත්‍ර ඒකක 3.7ක් හෙවත් පොළොවේ සිට සූර්යයාට ඇති දුර මෙන් 3.7 ගුණයක් අෑතින් රැඳී තිබේ. එය පොළොවේ සිට නැරැඹිය හැක්කේ ඉතාම විශාල දුරේක්ෂයකින් හෝ අභ්‍යවකාශ දුරේක්ෂයකින්ම පමණකි. මෙම සොයා ගැනීම පිළිබඳ සම්පූර්ණ විස්තර “තාරකා විද්‍යාව හා තාරුකා භෞතික විද්‍යාව” නමැති සඟරාවෙහි පළවිය.
2015දී මෙම ග්‍රහකය පොළොව දෙසට පැමිණි අවස්ථාවේ එවන් “අබිරහස් සිද්ධියක් පසු පස සැඟවුණු කිසියම් බලවේගයක් ඇත” මතයෙහි සිටි න්‍යායවාදීහු එම ග්‍රහකය පෘථිවියේ ගැටීමෙන් භූකම්පන හා උදම් රළ හෙවත් සුනාමි හට ගනිතියි ප්‍රකාශ කළහ. එය පොළොවෙහි ගැටුණ හොත් කවරම නගරයක් වුවද සහමුලින්ම පිස දැමෙනු ඇතැයි ඇතැමෙක් කීහ.
එය මුහුදට වැටීමේ සම්භාවිතාව සියයට 71ක් බවත් එයින් හටගන්නා උදම් රළ අතිශයෙන් විනාශකාරී විය හැකි බවත් සමහරු සඳහන් කළහ. කිලෝමීටර අටක අර්ධ විෂ්කම්භයක් ඇති මෙම ග්‍රහකය පොළොවෙහි ගැටීමෙන් රිච්ටර් මාපකයේ 7ක භූමි කම්පාවක් හට ගන්නවා ඇත යන්න ඇතැමුන්ගේ මතය විය.
“2015 ටී.බී – 145” යනුවෙන් නම් කෙරුණු මෙම ග්‍රහකය, නාසා ආයතනයේ මූල්‍ය අනුග්‍රහය ලත් “පෘථිවියට සමීප අභ්‍යවකාශ වස්තු නිරීක්ෂණ ව්‍යාපෘතියේ කොටසක් වශයෙන් හලීකලාහි මෝයි නමැති ස්ථානයෙහි සවි කෙරුණු “පෑන් – ස්ටාර්ස් – 1” දුරේක්ෂය උපයෝගී කොටගෙන හවායි විශ්වවිද්‍යාලය විසින් 2015 ඔක්තෝබර් 10 වැනිදා සොයා ගන්නා ලදී. ග්‍රාහකයේ කක්ෂය අවිධිමත් වූ හෙයින් එය කුමන දිශාභිමුඛ ඇදී යනු ඇත්දැයි නිශ්චිතව ප්‍රකාශ කිරීමට නාසා ආයතනයට නොහැකි වූ නමුත් ග්‍රහකය පෘථිවියෙහි නොගැටෙන බව තමන්ට විශ්වාස යැයි අභ්‍යවකාශ ඒජන්සිය ප්‍රකාශ කළේය.
උපුටා ගැනීම මව්බිම