ක්‍රිඩා

ශ්‍රි ලංකා කණ්ඩායම බංගලාදේශය ඉදිරියේ දණ නවයි

අද තරගය සදහා ශ්‍රි ලංකා නායක ඇන්ජලො මැතිව්ස් යලිත් අබාධයට ලක්වීම නිසා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්ට හිමි විය.උප නායක කුසල් ජනිත්ට නායකත්වය නොදීමද විශේෂ සිදුවීමකි.ලංකා කණ්ඩායමේ ඇන්ජලෝගේ ස්ථානය අද දින ක්‍රිඩා කරනු ලැබුවේ නිරෝෂන් දික්වැලිලය.

කාසියේ වාසියේ දිනාගත් බංගලාදේශ නායක මොට්ටාසා පලමුවෙන් පන්දුවට පහර දිමට තීරනය කල අතර ශ්‍රි ලංකා කණ්ඩායමේ දුර්වල පන්දු යැවීම හමුවේ ඔවුන් ලකුණු 320 ක් ලබා ගැනීමට සමත් විය.ලංකා කණ්ඩායමේ පන්දු රැකීමද ඉතාමත් දුර්වල මට්ටමක තිබු බවද කිව යුතුය.බංගලාදේශ ඉනිම වෙනුවෙන් ටමිම් ඉක්බාල් ලකුණු 83 ක් ෂක්බ් අල් හසන් ලකුණු 67 ක් හා මුෂ්පික් රහීම් ලකුණු 62 ක් ලබාගැනීමට සමත් විය.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරීමට පිටියට පිවිසි ලංකා කණ්ඩායමේ ප්‍රථම කඩුල්ල ලෙස කුසල් ජනිත් පෙරේරාගේ දැවියාමත් සමග ශ්‍රි ලංකා ඉනිමේ කිසිදු පිතුකරුවෙකුට ලකුණු අතරට පිවිසීමට බංගලාදේශ පන්දු යවන්නන් ඉඩ ලබාදුන්නේ නැත.ශ්‍රි ලංකාව වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 28 ක් හා තිසර පෙරේරා ලකුණු 29 ක් ලබාගැනීමට සමත් විය.විශිෂ්ට පන්දු යැවීමක යෙදුන ෂකිබ් අල් හසන් ලකුණු 47 ක් කඩුළු 3 ක් ලබාගැනීමට සමත් විය.

ඒ අනුව බංගලාදේශය ලකුණු 163 ක විශිෂ්ට ජයගුහනයක් ලංකාව පරදා ලබාගැනීමට සමත් විය.සිම්බාබ්වේ , බංගලාදේශය හමුවේ මෙවන් පරාජයක් පුදුම සහගතය.නව පුහුණුකරු හතුරුසිංහ යටතේ ශ්‍රි ලංකාව මේ වසරේ මුහුණදුන් පලමු තරග දෙකම මේ අනුව පරාජයට පත් විය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top