ක්‍රිඩා

කෙවින් පීටර්සන් ක්‍රිකට් පිටියෙන් සමු ගනියි

එංගලන්තයෙන් බිහිවු විශිෂ්ටතම පිතිකරුවකු වන කෙවින් පීටර්සන් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කළේය. මේ වනවිට ඔස්ට්‍රේලියාවේ බිග් බෑෂ් තරගාවලියේ මෙල්බර්න් ස්ටාර්ස් පිලට ක්‍රීඩා කරමින් සිටින මේ 37 හැවිරිදි දකුණත් පිතිකරුවා එම තරගාවලියට ක්‍රීඩා කරන අවසන් තරගවාරයට මෙය වෙයි.

‘මං හිතන්නේ ඕනෑම ක්‍රීඩකයකුට තමන්ගේ වෙලාව පැමිණි විට විශ්‍රාම යායුතුයි.‘ ඔහු කීවේය.

බිග් බෑෂ් තරගාවලියෙන් පසුව පාකිස්තානයේ සුපර් ලීග් තරගාවලියටත්. දකුණු අප්‍රිකාවේ පැවැත්වීමට නියමිත විස්සයි20 දේශීය ක්‍රිකට් තරගාවලියකටත් ක්‍රීඩා කිරීමේ බලාපොරොත්තුවෙන් පසුවන පීටර්සන් අනතුරුව ක්‍රීඩාවෙන් ඉවත්වන බව කීවේය.

දකුණු අප්‍රිකාවේ උපත ලැබූ පීටර්සන් එංගලන්ත ජාතික කණ්ඩායම වෙනුවෙන් වසර 9ක් ක්‍රීඩා කළේය. ඔහු එංගලන්ත – ඔස්ට්‍රේලියා සුප්‍රකට අළුබඳුන ටෙස්ට් තරගමාලා ඉතිහාසයේ ස්වර්ණමය පිතිකරුවකු ලෙස වාර්තාපොතට එක්වී සිටී. හෙතෙම එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 104කට ක්‍රීඩා කරමින් ලකුණු 8181ක් රැස් කිරිමට සමත්විය.

එංගලන්තය වෙනුවෙන් වැඩිම ටෙස්ට් ලකුණු සංඛ්‍යාවක් රැස් කළ පස්වැනි පිතිකරුවා ද පීටර්සන්ය. මීට අමතරව එංගලන්තය වෙනුවෙන් එක්දින තරග 136කට සහභාගි වී ලකුණු 4440ක් රැස් කිරීමට ද ඔහු සමත්විය. ජාත්‍යන්තර විස්සයි20 37කට ද ක්‍රීඩා කරමින් ලකුණු 1176ක් ලබාගැනීමට පීටර්සන් සමත්විය.

එංගලන්ත පිල වෙනුවෙන් ක්‍රීඩා කරමින් සිටියදී එරට ක්‍රිකට් ප්‍රධානීන් විවේචනය කිරීම හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත් කළ පීටර්සන් අනතුරුව ලොව පුරා විවිධ රටවල විස්සයි20 තරග බිමේ කොන්ත්‍රාත් ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කරමින් සිටියේය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top