අපි හැමෝම කැමතියි ධනවතෙක් වෙලා ජීවිතය ජයගන්න නමුත් මේ සාර්ථකත්වයට යන්න පුලුවන් වෙන්නේ කීයෙන් කී දෙනාටද? බොහෝ දෙනාට ධනවතක් වීමේ සිහිනය සිහිනයක් පමනක්ම වෙනවා. එහෙම වෙන්න හේතු සාදක ගොඩක් බලපානවා. ඔබ අසාර්ථකවෙන්න ඔබ ගැන ඔබටම විශ්වාසයක් නොතිබීමයි.
ජැක්මා කියන්නෙ චීනයේ සිටින ධනවත්ම පුද්ගලයා. අලි බාබා කියන ලොව දැවැන්තම විද්‍යුත් වානිජ වෙලද පොළ සහ අලි පේ කියන විද්‍යත් ගෙවීම් බැංකුවේ හිමිකාරත්වය දරන්නෙ ඔහු අලිබාබා කියන නාමය මේවන විට ෆේස් බුක් නාමයට වඩා වැඩි කීර්තිනමයක් හිමිකරගෙන තියෙනවා. ඒවගේම eBay සහ Amazon කියන වෙබ්මය වානිජමය වෙලද පලවල් දෙක එකට එකතු උනත් අලිබාබා වෙලදපලේ හුවමාරුවන ගනුදෙනු අහලකටවත් එන්න එයාලට බැහැ.
නමුත් ඔහු මේ තැනට එන්න මුහුණු දුන්න ජීවිතේ කටුක සිදුවීම් අනන්තයි. ජැක්මාගේ කතාව ඔයාලටත් ජීවිතේ ජයගන්න ප්‍රයෝජනවත් කරගන්න.
මොහු ඉපදුනේ චීනයේ ගිණිකොණ දෙසටවන්න පිහිටි පුංචි ගමක. ඔහුගේ දෙමව්පියන් සංගීතවේදීන් ලෙස සේවය කලා. නමුත් ඔවුන්ට අඩුම තරමෙ මද්යම ප්‍රාන්තික ආදායමක් වත් උපයන්න පුලුවන් විදිහට මුදලක් ලැබුනෙ නෑ. ජැක්මා කුඩා කාලයෙ ඉදලම ඉංග්‍රීසි භාශාව ඉගෙන ගන්න ගොඩක් උත්සහ කරලා තියෙනවා.
1972 න් පස්සෙ චීනය තුල සංචාරක වියාපාරය දියුනු වෙන්න පටන් ගත්තා. ඒත් එක්කම සංචාරකයන් ජැක්මා ජීවත්වන ප්‍රදේශ වලට එන්න පටන් ගත්තා. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් මොහු තමා සතු ඉංග්‍රීසි දැනුමෙන් වැඩක් ගන්න හිතුවා. තවමත් පාසල් යන වයසේ පසුවන ජැක්මා හට එවකට තිබුනේ පුන්චි පාපැදියක් විතරයි. පාපැදිය අරන් තම ආසන්නතම නගරය වෙත ගමන් කල මොහු එහි සිටි සංචාරකයන්ට මග පෙන්වලා මුදල් උපයන්න පටන් ගත්තා. බලන්න පොඩි කාලයේ ඉදන්ම ව්‍යාපාර හදුනගන්න මොහු කෙතරම් දක්ශද?

ජැක්මා කියන නමට මේ ජැක් කියන කොටස එකතු කලේ ඔහු සංචාරය කිරීමේදී මග පෙන්වන්න ගිය අවස්ථාවේ එහි සිටි තරුණියක් විසින්. ඒ ඇයට චීන නම් උච්චාරණය කිරීමට අපහසු වූ නිසා.

මෙහෙම කාලයක් ගියායින් පසු ජැක්මා ඉංග්‍රීසි භාශාව පිළිබදව සාමාන්‍ය උපාදියකුත් හැදෑරුවා. ඊටපස්සෙ ඔහු එම විශ්වවිද්‍යාලයේම ඉංග්‍රීසි ගුරුවරයෙක් ලෙස මාසයකට ඩොලර් දොලහක පඩියකට සේවය කරන්න පටන් ගත්තා.
ජැක්මා තම ප්‍රාථමික අද්යාපනය ලබපු පාසලේ අවසාන විභාගය දෙවරක් අසමත් උනා. කෙසේ හෝ එය සමත්වූ ජැක්මා ඉන්පසුව ද්විතීයික අද්යාපනය සදහා ඇතුලත්වූ පාසලේ අවසන් විභාගය තෙවරක්ම අසමත් උනා. අවසානයේ පාසල් අද්යාපනය අවසන් කළ ජැක්මා ඉංග්‍රීසි උපාදිය හැදෑරීම සදහා ඔහු තෝරගත් විශ්වවිද්‍යාලයේ ප්‍රවේශ විභාගයත් දෙවරක්ම අසමත් උනා. මේ කාලය තුල ඔහු හාවඩ් විශ්වවිද්‍යාලයේ අද්යාපනය හැදෑරීම සදහාද ඉල්ලුම් කර තිබුනා. හාවඩ් විශ්වවිද්‍යාලයේ ඔහු යොමුකළ අයදුම් පත් දසවතාවක්ම ප්‍රතික්ශේප උනා.
විශ්වවිද්‍යාලයේ ඉගෙනුම් ලබමින් සිටි සමයේ ජැක්මා විවිධ රැකියා සදහා ඉල්ලුම් කරලා සම්මුඛ පරීක්ෂණ සදහා සහභාගි උනා නමුත් ඔහු එක දිගටම සම්මුඛ පරීක්ෂක 30 කින් අසමත් උනා. KFC ව්‍යාපාරය චීනයට පැමිනීමත් සමග ඔහු එහි සේවයට ඉල්ලුම් කරේ ඉතාම කැමැත්තකින් සම්මුඛ පරීක්ෂණය සදහා පැමින සිටි අයදුම් කරුවන් 24 දෙනෙක්ගෙන් 23 ක්ම සේවයට බදවා ගත් KFC සමාගම ජැක්මාව ප්‍රතික්ෂේප කළා. වරක් ජැක්මා චීන පොලීසියට ගමන් කිරිමේ අවසාන පරීක්ෂණය දක්වා ගමන් කර තිබුනා නමුත් එම පරීක්ශනයෙන්ද අසමත් උනේ ඔහු පමනයි.
දැන් තේරෙනවා නේද මොහුට උන දෙයින් භාගයක්වත් අපට වෙලා නැති බව? නමුත් මෙයින් නොසැලුන ජැක්මා අනාගතය ගැන සිහින දකින එක නතරකලේ නෑ. කෙසේ හෝ 1995 වසරේදී ජැක්මා හට ඇමරිකාවේ සංචාරය කිරීමට අවස්ථාවක් ලැබෙනවා. එහිදී ඔහුට තම ජීවිතයේ ප්‍රථම වරට පරිඝනකය හා අන්ර්ජාලය පරිශීලනය කරන්න ලැබෙනවා. ඒකාලයේ චීනය තුල පරිඝනක භාවිතය ඉතාම විරලයි. පරිඝනක වල මිල ඉතා විශාල අගයක් ගැනීම නිසා රටේ බොහෝ දෙනෙකුට පරිඝනකය තිබුනෙ නෑ.
මේ නිසා අන්තර්ජාල හා ඊමේල් සේවාවද වර්ධනය වෙලා තිබුනෙ නෑ. ඇමරිකාවේදී ප්‍රථම වරට අන්තර්ජාලය පරිශීලනය කල ජැක්මා එහි සෙව්ම් යන්ත්‍රයේ මුලින්ම සර්ච් කලේ බියර් කියන වචනය. ඒ සදහා විශාල සෙවුම් ප්‍රමානයක් ලොව සතර වටින්ම ලැබී තිබුනු ජැක්මා දුටුවා. නමුත් එහි චීනයට සම්බන්ද කිසිදු බියර් වර්ගයක් ගැන සදහන් වෙලා තිබුනෙ නෑ.
අන්තර්ජාලයේ ඔහු දෙවනියට සර්ච් කල වචනය ඔහුගේ ජීවිතය වෙනස් කල එකක් උනා ඒ වචනය තමයි චීනය සෙවුම් යන්ත්‍රයේ චීනය කියලා සදහන් කල ඔහුට එක සෙවුමක්වත් සොයාගන්න ලැනුනෙ නෑ. මේ සොයා ගැනීම තමා අත්දුටු හොදම ව්‍යාප්ත අවස්ථාව ලෙස ඔහුට සිතුනා. ඉදිරියේදී පරිඝනක හා අන්තර්ජාලය චීනයේ මිනිසුන් ඉතා හොදින් වැලද ගන්නා බව ඔහු දැන සිටියා.
සියල්ල පිළිබදව හොදින් සිතීමෙන් අනතුරුව චීනය තුල විද්‍යුත් වානිජමය වෙලදපලක් ආරම්භ කිරීමට මේ සුදුසුම කාලය බව ඔහුට හැගී ගියා. වහාම චීනයට ගිය අහු තම සමීපතම මිතුරන් දහ හත්දෙනෙකුගෙ මුදල් සහ බැංකු ආයෝජනයක් ලබාගෙන අලිබබා ව්‍යාපාරය ආරම්භ කරා. අද වන විට මෙම අලිබබා සමාගම දෙවනි වන්නේ ලොව සුපතල වෝල් මාට් සමාගමට පමනයි. එමගින් ජැක්මා චීනයේ ධනවත්ම පුත්ගලයා බවට පත්වී හමාරයි. අලි බාබා සමාගම චීනයේ ආර්ථිකයට විශාල ශක්තියක් එකතුකරලා තියෙනවා. ජැක්මාගෙ ජීවිතයෙන් අපිට ඉගෙනගන්න කොතෙකුත් දේවල් ඇත්ද?