News

ඉදිරි දින කිහිපයේදී සීතල වියලි කාලගුණයේ වෙනසක්

පවතින වියළි සහ ශීතල කාලගුණයේ වෙනසක් හෙට සිට බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව උතුරු පළාතේ ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ පැතුම් පැස්කුවල් මහතා පැවසීය.

මීට අමතරව උතුරුමැද සහ ඌව පළාත්වලත්, මාතලේ, මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත‍්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර සෙසු පළාත්වලද පස්වරු 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව ඔහු ස`දහන් කළේය.

බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වල උදය කාලයේ මිහිදුම් තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව ද ඔහු කියා සිටියේය.

මේ දිනවල දිවයිනේ ප‍්‍රදේශ රැසකට බලපා ඇති දැඩි ශීත කාලගුණ තත්ත්වයේද අඩුවක් අද සිට බලාපොරොත්තු වන බව ඒ මහතා පැවසීය.

දිවයිනේ අඩුම උෂ්ණත්වය ලෙස අද (08) දිනයේදී නුවරඑළිය දිස්ත‍්‍රික්කයෙන් සෙල්සියස් අංශක 4ක උෂ්ණත්වයක් වාර්තා වූ අතර වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 32.7 ක උෂ්ණත්වයක් වාර්තා වී තිබුණේ රත්නපුර දිස්ත‍්‍රික්කයෙනි.

උපුටා ගැනීම ලංකාදීප

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top