දැනුම

ඊස්ටර් දූපතේ අභිරහස් පිලිම

Easter Island නමින් හදුන්වන ඊස්ටර් දූපත් පිහිටා තිබෙන්නේ නිරිත දිග පැසිෆික් සාගරයේය. පොලිනීසියානු ජනයා විසින් මෙම ඊස්ටර් දූපත් වල ජනාවාස සාදාගත් බවට සැලකෙන්නේ ක්‍රි.ව 700-1100 අතර කාලයේය. මෙම දූපත් ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ  එහි ජනයා විසින් ඉදි කොට ඇති අත්භූත පෙනුමකින් යුක්ත ගල් පිළිම නිසාය. 1722 වසරේ යුරෝපීයයන් මෙහි ආක්‍රමණය කරන විට එවි ජනගහනය වූයේ 2000-3000ක් පමණි.

නමුත් ඉන් පසු ශතවර්ෂයක් ගත වූ තැන එහි ජනගහනය 15000කට  අධික විය. අධික ජනගහනය එතරම් කුඩා දූපතකට ඔරොත්තු නොවූයෙන් එහි බෝවන රෝග සීග්‍රයෙන් පැතිර ගියේය. 1877 වසර වන විට දූපතේ ජව්‍න ගහනය එම නිසාම 111ට අඩු වීමට තරම් රෝග බලවත් විය.

 

 

 

මොනවද මේ Moai පිළිම?

දූපතේ පළමුවෙන් ජනාවාස පිහිටවූ Rapa Nui නමින් හැදින්වෙන ජන කොටස් මෙවැනි පිළිම 887ක් දූපතේ වෙරළාසන්නයේ ඉදි කොට ඇත. සාමාන්‍ය පිළිමයක උස මීටර් 10 (අඩි 33ක්) සහ බරින් ටොන් 82කි. මේවා පූර්ණ වශයෙන් ගලින් නිම කොට ඇති අතර ඒවා අතර අසම්පූර්ණ දැවැන්ත පිළිමයක්ද වේ.

එය නිම කලේ නම් එහි උස මීටර් 21ක්(අඩි 69ක්) උස්න් විය හැකි අතර බර ටොන් 270ක් පමණ වේ යයි විද්‍යාඥන් නිගමනය කරයි. මෙම දැවැන්ත පිළිම නිර්මාණය කිරීමේ නිශ්චිත හේතුව තවමත් අභිරහසක් වන නමුත්  පුරා විද්්‍යාඥයන්ගේ මතය වනුයේ Rapa Nui ජනයාගේ පැරණි මුතුන් මිත්තන් මිය ගිය පසු ඔවුන්ට පුද සත්කාර කිරීම වෙනුවෙන් මේවා ඉදි කොට ඇති බවයි.

 

 

 

 


 

 


 

 


Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top