විශාඛා පට්නහි පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය මීට සුළු මොහොතකට උරගා බැලූ අතර කාසිය වාසිය ඉන්දීය නායක රෝහිත් ෂර්මා විසින් දිනාගත් අතර ඔහු පලමුවෙන් පන්දු යැවීමට තීරනය කල අතර ඔවුන් මෙම තරගයට සහභාගී වන්නේ එක් වෙනස් කමක් සහිතවය.ඒ වොෂින්ටන් සුන්දර් වෙනුවට කූල්දිප් කුණ්ඩායමට කැදවා තිබුණි.
ශ්‍රි ලංකා කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ලහිරු තිරිමාන්න වෙනුවට සධීර සමරවික්‍රම කණ්ඩායම කැදවා තිබුණි.ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ධනුෂ්ක සමග තරංගයි.ධනුෂ්ක ලකුණු 13 කට දැවී යාමත් සමග සධීර සමග එකතු වූ තරංග පන්දු යවන්නන්ට එලව එලව පහර එල්ල කලේය.තරංගගේ අර්ධ ශතකය පන්දු 36 කින් වාර්තා විය.
දෙවන කඩුල්ල ලෙස සධිර දැවී යන විට ලකුණු 42 ක් ලබාගෙන සිටියේය.ලකුණු 350 ක ඉලක්කයක් පෙනි පෙනි තිබියදී දෝණිගෙ දක්ෂ කඩුළු රැකීම නිසා තරංග ලකුණු 95 ට දැවී යාමත් සමග ලංකා ඉනිමේ කඩායම ආරම්භ විය.පිලිවලින් මැතිව්ස් නිරෝෂන් නායක තිසර සචිත් අකිල ලක්මාල් එක දිගට දැවී ගියේ නිහඩව තිබු ප්‍රේක්ෂකාගාරයද නැවත ඝෝෂාකාරි ක්‍රිඩා පිටියක් බවට පත්කරමිනි.අවසාන කඩුල්ල ලෙස ගුණරත්න ලකුණු 16 ට දැවී යාමත් සමග ඕවර 44 ක් තුල ලංකා ලකුණු පුවරුව 215ක් ලෙස සටහන් වුණා.