ක්‍රිඩා

තුන්වන හා අවසන් එක්දින තරගය අවසන්

විශාඛා පට්නහි පැවැත්වෙන තුන්වන හා අවසන් එක්දින තරගයේ කාසිය වාසිය උරගා බැලූ අතර කාසිය වාසිය ඉන්දීය නායක රෝහිත් ෂර්මා විසින් දිනාගත් අතර ඔහු පලමුවෙන් පන්දු යැවීමට තීරනය කල අතර ඔවුන් මෙම තරගයට සහභාගී වන්නේ එක් වෙනස් කමක් සහිතවය.ඒ වොෂින්ටන් සුන්දර් වෙනුවට කූල්දිප් කුණ්ඩායමට කැදවා තිබුණි.

ශ්‍රි ලංකා කණ්ඩායමේද එක් වෙනස්කමක් සිදුකර ඇති අතර ලහිරු තිරිමාන්න වෙනුවට සධීර සමරවික්‍රම කණ්ඩායම කැදවා තිබුණි.ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ ධනුෂ්ක සමග තරංගයි.ධනුෂ්ක ලකුණු 13 කට දැවී යාමත් සමග සධීර සමග එකතු වූ තරංග පන්දු යවන්නන්ට එලව එලව පහර එල්ල කලේය.තරංගගේ අර්ධ ශතකය පන්දු 36 කින් වාර්තා විය.

දෙවන කඩුල්ල ලෙස සධිර දැවී යන විට ලකුණු 42 ක් ලබාගෙන සිටියේය.ලකුණු 350 ක ඉලක්කයක් පෙනි පෙනි තිබියදී දෝණිගෙ දක්ෂ කඩුළු රැකීම නිසා තරංග ලකුණු 95 ට දැවී යාමත් සමග ලංකා ඉනිමේ කඩායම ආරම්භ විය.පිලිවලින් මැතිව්ස් නිරෝෂන් නායක තිසර සචිත් අකිල ලක්මාල් එක දිගට දැවී ගියේ නිහඩව තිබු ප්‍රේක්ෂකාගාරයද නැවත ඝෝෂාකාරි ක්‍රිඩා පිටියක් බවට පත්කරමිනි.අවසාන කඩුල්ල ලෙස ගුණරත්න ලකුණු 16 ට දැවී යාමත් සමග ඕවර 44 ක් තුල ලංකා ලකුණු පුවරුව 215ක් ලෙස සටහන් වුණා.

පිලිතුරු ඉනිම ක්‍රිඩා කිරිමට පැමිණි ඉන්දිය කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස රෝහිත් ෂර්මා දැවී ගිය අයද දවාන් සමග එකතු වූ අයියාර් ඉන්දීය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන යන ලදී.සිය තුන්වන තරගයට ක්‍රිඩා කල අයියා මෙම තරගයේදීද අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.ඔහු දැවී යන විට ලකුණු 65 ක් ලබා සිටියේය.ඉන්දීය කණ්ඩායම 31 වන ඕවරයේදී සිය ජයග්‍රාහි ඉලක්කය පසුකල අතර එහිදී දවාන් නොදැවී ලකුණු සියයක් සහ කාර්තික් නොදැවී ලකුණු 26 ක් ලබාගෙන සිටියේය.ඒ අනුව තරගාවලිය 2-1 ක් ලෙස ඉන්දිය කණ්ඩායම ජයග්‍රහනය කරන ලදී.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top