gossip

ඇමරිකානු ධවල මන්දිරයට සත්ව ආක්‍රමනයක්

ඇමෙරිකා ජනපති නිල නිවස හෙවත් ධවල මන්දිරය කැරපොත්තන්, මීයන් සහ කුහුඹුවන්ගෙන් පිරී ඇති බවත් එය නිසි ලෙස නඩත්තු නොකෙරන බවත් ඇමෙරිකා පුවත් නාළිකාවක් අනාවරණය කරයි.

මේ බව අනාවරණය කර ඇත්තේ ඇමෙරිකාවේ එන්.බී.සී.4 පුවත් නාළිකාවය. ධවල මන්දිරය නඩත්තු කිරීම සිදු වන්නේ ඇමෙරිකා රාජ්‍ය සේවා පරිපාලන ආයතනය යටතේය.

ජනපති ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩලයෙන් පමණක් නොව, ජනපති මාණ්ඩලික ප්‍රධානී ජෝන් කෙලීගේ කාර්ය මණ්ඩලයෙන් ද කැරපොත්තන්, මීයන් සහ කුහුඹුවන් ගැන නිරන්තරයෙන් පැමිණිලි ලැබෙන බව ද පැවැසෙයි.

ඇමෙරිකා ජනපති, ආරක්ෂක ප්‍රධානීන් ද පිරිවරාගෙන ඉතා බැරෑරුම් මෙන්ම සංවේදී අර්බුද සම්බන්ධයෙන් ද සාකච්ඡා පවත්වා තීරණ ගැනීම සිදු කරන කාමරය හැඳින්වෙන්නේ ‘ක්‍රයිසිස් රූම්’ යන නමිනි. මෙම කාමරයට මීයන් බෝ වී ඇතැයි වාර්තා වේ. නාවික හමුදා නිලධාරීන් විසින් ආහාර පිළියෙළ කරනු ලබන ශාලාවේ ද මීයන් දකින්න ලැබෙන බව ද පැවැසෙයි.

කැරපොත්තන් සහ මීයන් මර්දනයට නිසි පියවර ගත් බව පැවැසෙන නමුත් එය සාර්ථක වී නැත. ඇමෙරිකන් රාජ්‍ය සේවා පරිපාලන නිලධාරීන් දන්වා ඇත්තේ ධවල මන්දිරයේ පමණක් නොව, වොෂින්ටන් අගනුවර පිහිට සෙසු ෆෙඩරල් කාර්යාලවල ද අඩුපාඩු රැසක් පවතින බවත් ඒවාට කඩිනමින් විසඳුම් සපයන බවත්ය. කෙසේ නමුත් මූල්‍ය ප්‍රතිපාදන ගැටලු ද පවති බව එම නිලධාරීහු වැඩි දුරටත් කියා සිටිති.

මේ අතර, ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ වැසිකිළිය අබලන් තත්ත්වයක පවතින බව පෙන්වා දෙමින් එය පිළිසකර කරන්නැයි ඇමෙරිකානු ජාතික ආරක්ෂක උපදේශක එච්.ආර්. මැක්මේස්ටර් ලිපියක් මගින් දන්වා ඇතැයි ද වාර්තා වේ.

(රොයිටර්)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top