gossip

පරන පෙම්වතියට ආයෙමත් මැසේජ් කරන්න හිතෙන හේතු

ඔබත් ප්‍රේමවන්තයෙක්, ප්‍රේමවන්තියක් නම් මේ ලිපිය අදාළ වෙනවා නිසැකයි. ඊටත් අමතරව ඔබ දැනට ඔබගේ දෙවන පෙම්වතා හෝ පෙම්වතිය සමඟ ඇසුරක් පවතිනවා නම් තවදුරටත් අදාළ වේවි.සමහරවිට පණට පණ දීගෙන ඉන්නවා වගේ ආදරේ පෙනුනත් හිත යටින් පරණ කෙනාගෙ ආදරේ මතක් වෙනවා වෙන්න පුළුවනි. එතකොට ඔබට තනිවම ඉන්න හිතේවි. මනස ව්‍යාකූල ගතියක් දැනේවි.

නමුත් අලුත් කෙනා දැනගෙන හෝ නොදැන පරණ කෙනත් එක්ක ටිකක් කතාබහ කරන්න තියෙනවානම් හිතට අනිවාර්යෙන්ම සහනයක්, සතුටක් දැනෙන බව දන්නෝ දනිති. නමුත්, ඇයි දැන් අලුත් පෙම්වතෙක්/ පෙම්වතියක් ඉද්දි පරණ කෙනා ගැන හිතන්න යන්නෙ? ඇයි එයාව අමතක කරන්න අමාරු. ඔන්න ඔය ප්‍රශ්නෙට උත්තර නැතුව හිටපු පෙම්වතුන්ට සහ පෙම්වතියන්ට ඇත්තටම තියෙන්නෙ මේ කියන හේතුද කියලා හිතලා බලන්නකෝ.ඉතින් පහතින් දක්වන්නෙ පරණ පෙම්වතියට හොරෙන් මැසේජ් එකක් දාන්න හිතෙන්න පුලුවන් හේතු කිහිපයක්.

01.පරණ පෙම්වතිය ආකර්ශණීයයි.

ලස්සනයි.සමහරවිට ඔබේ දැන් ඉන්න පෙම්වතියට වඩා පරණ එක්කෙනා මන බඳිනා රූ සපුවෙන් යුතු චිත්තාකර්ශණීය කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් සුරංගනාවක් වගේ කෙල්ලෙක් මතක් වෙද්දි කොහොමද මැසේජ් එකක් දාලා “ඔයා හොඳින්ද?” කියලවත් අහන්න නොහිතෙන්නෙ.

02.ඔබේ හදවතේ ඇය වෙනුවෙන් තවමත් විශේෂ තැනක් වෙන් වී තිබෙනවා.

ඔබේ මනස කිසියම් බලපෑමක් හෝ හේතුවක් නිසා අලුත් පෙම්වතිය සමඟ සිටිනවා උනත් හදවතට තට්ටු කරලා අහලා බැලුවොත් පරණ පෙම්වතියට තවමත් ඔයාගෙ හදවතේ විශේෂ සුන්දර තැනක් තියෙනවා ඇති. සමහරවිට ඔබ උත්සාහ කරනවා ඇති ඇය ඒ ස්ථානයෙන් ඉවත් කරන්න. එහෙම උත්සාහ කරන්න හදන වෙලාවටත් අනිවාර්යෙන්ම පුංචි කෙටි පණිවිඩයක් යවන්න ඔබටත් හිතෙනවා නේද?

03.ඇබෑර්තු තබාගෙන සිටීම

හොඳයි. මේ කියන කාරණාව ටිකක් අමුතුයි වගේ. මේක නම් සිත නිවන කතා ගණයේ එකක් කියලා හඳුන්වන්න පුළුවන්. මේ කාරණාවට සම්බන්ධ අය කියන දෙයක් තමයි “මට ඉතින් බර ගාණක් කියලා පරණ කෙල්ලො ඉන්නවා කියලායැ. ඉඳල හිටලා එයාලත් මට කතා කරනවා. එයාල තාම මට පොඩ්ඩ පොඩ්ඩ ආදරේ ඇති.” මේකෙ තියන බරපතල කම තමයි පරණ පෙම්වතිය හෝ අලුත් පෙම්වතිය වේවා ඔබ හරිහැටි ආදරයක් නොකරන නිසා ජීවිත කාලෙම තනිකඩව ඉන්න වෙන්නත් පුළුවන් අවධානමක් තියෙනවා. ඒ නිසා පරණ කෙනාගෙන් හෝ අලුත් කෙනෙක්ගෙන් ඉක්මණටම ඇබෑර්තුව පුරවා ගන්න එක නුවණට හුරුයි.

04.ඇය හොඳ මිතුරියක් පමණයි.

වෙන මොකවත්ම නෑ.“මගේ පරණ ලවු එක තාමත් මාත් එක්ක කතා කරනවා. එයා ඉතින් හොඳ යාලුවෙක් වගේ තමයි ඉන්නෙ මාත් එක්ක. ” ඇත්ත තත්ත්වය මේක හෝ මීට වඩා වෙනස් වෙන්න පුළුවනි. ඒත් ඇත්තටම ඔබ පැරණි පෙම්වතියගෙන් සුහදව වෙන්වූ කෙනෙක් නම් හොඳ මිතුරියක් විදිහට ඇය ගොඩක් හොඳ කෙනෙක් වෙනවා නොඅනුමානයි. ඒකට හේතුව තමයි එයා ඔයාගෙ ගතිගුණ, කැමති දේවල්, අතමැති දේවල්, ආදී ගොඩක් දේවල් දන්න කෙනා. ඉතින් සමහරවිට හොඳ යාලුවෙක් විදිහටත් එයාට පුංචි කෙටි පණිවිඩයක් යවන්න ඔබටත් හිතේවි.

05.හොර වැඩ කිරීමේ සුපිරිම ආතල් එක

ඔබ තවමත් ඔබේ වර්තමාන පෙම්වතිය සමඟ සමීප නැතුව ඇති. එහෙමත් නැත්නම් කිවයුතු තරමේ ශාරීරික සම්බන්ධතාවයකුත් නැතුව ඇති. එයා එක්ක එක ඇඳේ නිදාගෙන හිටියා උනත් මතකෙට එන්නෙ පරණ කෙනාවම වෙන්නැති. ඉතින් ඒ වෙලාවට හොරෙන් කෙටි පණිවිඩයක් යවන්න හිතුණොත් ඒක ගැන තවදුරටත් අමුතු දෙයක් නෙවෙයි

06.කෝකටත් තෛලය

ඊළඟ හේතුව තමයි ඔයාගෙ ජීවිතේ ලැබුණ හොඳම ගැහැණු යහළුවා ඔයාගෙ පැරණි පෙම්වතිය වෙන්න පුළුවන්. වෙන කෙල්ලො එක්ක ටිකක් යාලු කමට කතා කරපු ගමන් හිතන්නෙ එයාල එක්ක යාලු වෙන්න එනවා කියලනේ. ඒ නිසා වෙන කෙල්ලෙක් යාලුකමකට කියලා බෙහෙතකටවත් හොයාගන්න නැත්නම් ඉතින් “හොඳම යහලුවා” තනතුරවත් ප්‍රදානය කරලා ඉඳල හිටලා එයාට ආපහු කතා කරන්න හිතේවි.

07.අපි එකිනෙකා හොදින් තේරුම් අරගෙන ඉන්නවා

ඔබ පැරණි පෙම්වතිය සමඟ රෝමාන්තික විදිහට ඇසුරක් පවත්වනවා නොවෙන්න පුළුවනි. ඒත් ඔයාට දැනෙන්න පුළුවන් මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම වඩා හොඳින් තේරුම් ගත්ත කෙනා එයා කියලා ඔයාට හිතෙනවානම්, අනිවාර්යෙන්ම එයාට මැසේජ් එකක් යවන්න හිතේවි.

08.තේ එකක් බොන්න යමුද ?

ඔබට සමහරවිට කලින් වගේ එයත් එක්ක ගොඩක් සමීප වෙන්න අවශ්‍ය නැතුව ඇති. ඒත් ටිකක් එළියට ගිහ්ල්ලා තේ එකක්, කෝපි කොප්පයක් තොල ගාන ගමන් සතුටු සාමීචියේ යෙදෙන්න එයා තරම් වෙන කවුරුත් සුදුසු නොවෙන්න පුළුවන්. ඉතින් මැසේජ් එකක් යවලා එයාගෙන් අහන්න ඒ ගැන.

09.එකම යාලුවො සෙට් එකේමනෙ ඉන්නෙ

ඔයයි ඔයාගෙ පරණ පෙම්වතියයි දෙන්නා යාලුවො සෙට් එකක එකට ඉන්න දෙන්නෙක්නම් ඉතින් මූණ එල්ලගෙන, කතාබහ නොකර, තරහ වෙලා වගේ ඉඳියොත් සෙට් එකෙන් කොන් වෙනවනේ. ඒ නිසා සෙට් එකේ සාමාන්‍ය යාලුවො වගේ එයාවත් ආශ්‍රය කරන්න වේවි. ඒ අතර සෙට් එක අතරේ යන පණිවිඩයක් එහෙම එයාටත් යවන්න ඔයාට අවස්ථාවක් ලැබෙන්න පුළුවනි.

10.ඔබේ හදවතේ කීර්තිමත් ඉතිහාසය ඇයයි.

ඔබ තවමත් ඔබ විසින් ගන්නා ලද තීරණය ගැන පසුතැවෙනවාද? එහෙමත් නැත්නම් ඇයගෙන් වෙන්වීමට ඔබ ගත් තීරණය නොගත්තානම් හොඳ බව ඔබට සිතේවි. ඉතින් ඒ වගේ වෙලාවක පරණ පෙම්වතියට කෙටි පණිවිඩයක් තබන්නට ඔබට හිතුණොත් ඔබගෙයි ඇයගෙයි ඉතිහාසය ගොඩක් සුන්දර එකක් වෙලා තියෙන්න ඇති.

කතාව සිරා නම් share පාරකුත් දාන්න.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top