gossip

කැමතිද දිගු හැඩති ඇහි පිහාටු ලබා ගන්න

ඇහි පිහාටු මත රාත්‍රියේදී තෙල් ආලේප කිරීම.

මේ සඳහා භාවිත කළ යුත්තේ පිරිපහදු නොකරන ලද (unrefined oil) මර්ලා (marula), කැස්ටර් (castor) වැනි තෙල් වර්ගයි. මෙම තෙල් දෙවර්ගයෙන්ම ඇහි පිහාටු සඳහා අවශ්‍ය පෝෂණය නොඅඩුව ලබා දෙන අතර කැස්ටර් තෙල් ඇහි පිහාටු දිගුව වැඩීමට උපකාර වනවා. පිරිසිදු ඇඟිලි තුඩු වලින් හෝ මෘදු කෙඳි සහිත කුඩා බුරුසුවකින් තෙල් ආලේප කිරීම කළ යුතුයි.

ඇහි පිහාටු මත growth serum එකක් ආලේප කිරීම.

මෙමගින් ඔබේ වියලි සහ ඉක්මනින් හැලෙන සුළු ඇහි පිහාටු වලට අවශ්‍ය පෝෂණය ලබා දෙනවා. එමෙන්ම ඇහි පිහාටු වර්ධනයටද උපකාරී වනවා.

බයෝටින් (biotin) ගැනීම

බයෝටින් කියන්නේ විටමින් B වර්ගයක්. හිසකෙස් හා නියපොතු වැඩීමට හා ශක්තිමත් වීමට මෙන්ම නිරෝගී සමක් සඳහාද උපකාරී වන විටමින් වර්ගයක්. වෛද්‍ය උපදෙස් මත භාවිතා කිරීම වඩාත් සුදුසුයි.

මස්කාරා ආලේප කිරීමට පෙර ඇහි පිහාටු ඉහළට පීරීම.

ඔබ මස්කාරා තවරමින් ඇහි පිහාටු ඉහලට කරකවනවානම් ඇහි පිහාටු හැලී යාමේ අවදානම වැඩියි. ඒ නිසා මස්කාරා ආලේප කිරීමට පෙර ඇහි පිහාටු ඉහලට පීරීම වෙනුවෙන් සකසා ඇති බුරුසුවක් භාවිත කර ඉන් පසුව මස්කාරා ආලේප කිරීමයි කළ යුත්තේ. එමෙන්ම ආලේප කරන ලද මස්කාරා රාත්‍රියට ඉතා හොඳින් ඉවත් කිරීමද කළ යුතුමයි. මස්කාරා ආලේප නොකරන අවස්ථාවන්හිදී වුවත් ඇහි පිහාටු ඉහළට පීරීමද සුදුසුයි.

Blow-dryer එකක් මගින් ඇහි පිහාටු කරකවනය (curler) උණුසුම් කිරීම.

මෙමගින් සිදුවන්නේ ඇහි පිහාටු ඉහළට කරකැවීම පහසු වීම සහ ඒවායේ හැඩය දිගු වේලාවක් පවත්වාගැනීම පහසු වීමයි. Blow-dryer එකට ඇල්ලීමෙන් පසු ඇහි පිහාටු කරකවනයේ උණුසුම පරීක්ෂා කර බැලීම කළ යුතුයි.

ඇහි පිහාටු කරකැවීමේදී, කරකවනයේ දිශාව වෙනස් කරමින් ඇහි පිහාටු කරකැවීම.

කරකවනයක් භාවිත කරන විට ඇහි පිහාටු අග ප්‍රදේශයේ එය තත්පර කිහිපයක් තද කරගෙන සිට ඉන්පසු එක්වරම අතහැරීම කළ යුතුයි. එමගින් ඇහි පිහාටු වල වක්‍රාකාර ස්වභාවය වැඩි වනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top