gossip

බලගතුම මිසයිලය අත්හදා බලයි

උතුරු කොරියාව සතු බලගතුම අන්තර් මහාද්වීපික බැලැස්ටික් මිසයිලය අද සාර්ථකව අත්හදා බලා තිබේ.

පෙන්ටගනය නිවේදනය කළේ, මෙම මිසයිලය කිලෝමීටර් 1000ක දුරක් ගෙවා ජපාන මුහුදට පතිත වූ බවයි.

උතුරු කොරියාවේ පියොංසොං ප්‍රදේශයෙන් ගුවනට මුදාහල බැලැස්ටික් මිසයිලය මිනිත්තු 5ක් පමණ ගුවනේ පැවති බව ජපානය නිවේදනය කර තිබේ.

කෙසේ වෙතත් ජපන් රජය නිල වශයෙන් නිවේදනය කළේ, එය ජපාන ගොඩබිමට ඉහළින් ගමන් නොකල බවයි.

උතුරු කොරියාව විසින් සිදුකළ මෙම අන්තර් මහද්වීපික බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම ලෝක ව්‍යාප්ත තර්ජනයක් බව අමෙරිකානූ ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් ප්‍රකාශ කර තිබේ.

ඔහු කියා සිටියේ, මෙම බැලැස්ටික් මිසයිලය මීට පෙර අත්හදා බැලූ මිසයිලවලට සාපේක්ෂව ඉතා ඉහළින් ගමන් කර ඇති බවයි.

මේ අතර මිසයිලය ගුවන්ගත ව පැවති කාල සීමාවේදී ම අමෙරිකානූ ජනපති ඊට ප්‍රතිචාර දක්වා තිබේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇත්තේ, උතුරු කොරියාවේ මෙම ක්‍රියාව සම්බන්ධයෙන් වගබලා ගැනීමට තමා සූදානම් බව ය.

උතුරු කොරියාව අවසන් වරට බැලිස්ටික් මිසයිලය අත්හදා බැලීමක් සිදු කළේ, සැප්තැම්බර් මාසයේ ය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top