ක්‍රිඩා

හතුරුසිංහ තෝරා ගත්තේ තිසරවද .. තිසරව හදිසියේම ලංකාවට කැදවයි

බංග්ලාදේශ් ප්‍රිමියර් ලීග් තරඟාවලියට එක්ව සිටින තිසර පෙරේරා හදිසියේ ශ‍්‍රී ලංකාවට පැමිණෙන බව ටිවිටර් ගිණුමේ සටහනක් යොදමින් පවසා ඇත.

බංගලාදේශ ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ මේ වනවිට විශිෂ්ට දස්කම් දක්වන තිසර පෙරේරා හදිසියේම ලංකාවට පැමිණෙන්නේ ඉන්දියාව සමග පැවැත්වෙන එක්දින තරගාවලිය සම්බන්ධයෙන් විශේෂ තීරණය කිහිපයක් ගැනීමට බව මාධ්‍ය ගණනාවක්ම වාර්තා කොට ඇත

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නායක උපුල් තරංග එළඹෙන ඉන්දීය සංචාරයේ සිට නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර ඇති අතර තරංගගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරග 22ක් සඳහා සහභාගි වී ඇතිමුත් ඉන් තරග 16ක්ම පරාජය වී ඇති අතර ජයග්‍රහණය ලබා ගෙන ඇත්තේ තරග 4ක් පමණි.

ගතවූ මාස 11 තුල දී ශ්‍රී ලංකාව සහභාගි වූ එක්දින තරග 26ක දී පරාජයන් 21ක් ලබා ඇති අතර ජය ගෙන ඇත්තේ තරග 4ක් පමණි. සිම්බාබ්වේට එරෙහිව තරග 2ක් සහ බංග්ලාදේශය හා ඉන්දියාවට එරෙහිව එක් තරගයක් ජය ගෙන ඇති අතරම ශ්‍රී ලංකාව මේ වන විට එක්දින තරග 12ක්ම පිට පිටම පරාජය වී ඇත.

එක්දින තරග 5කින් සමන්විත තරගාවලි 3ක් වසරක් තුල දී 5-0ක් ලෙස (දකුණු අප්‍රිකාව, ඉන්දියාව හා පාකිස්තානය) පරාජයට පත්වූ ලොව එකම කණ්ඩායම බවට ද ශ්‍රී ලංකාව පත්ව ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ ඇන්ජලෝ මැතිව්ස් සිම්බාබ්වේ කණ්ඩායම සමඟ ජුනි මාසයේ දී පැවති එක්දින තරගාවලිය 3-2ක් ලෙස පරාජයට පත්වීමෙන් පසුව සිය නායකත්වයෙන් ඉල්ලා අස්විය.

අනතුරුව ටෙස්ට් කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් සහ එක්දින හා විස්සයි විස්ස නායකත්වයට උපුල් තරංගව පත් කරන ලදි. මේ දිනවල පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග 6ක් තුල ලකුණු 207ක් ලබා ගැනීමට ද තරංගට හැකි වී ඇත්තේ 41.40ක් වැනි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගනිමිනි.

නව එක්දින කණ්ඩායම් නායකයා ලෙස 2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් නායකත්වය සඳහා යෝජිත නම් අතර තුන් ඉරියව් ක්‍රීඩකයින් වන අසේල ගුණරත්න හා තිසර පෙරේරාගේ නම ද ඇති බව දැන ගන්නට ලැබේ.

විශ්වාසදායී ආරංචි මාර්ග අනුව වමතින් පිත්ත හසුරුවන තිසර පෙරේරාගේ නම ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා යෝජනා වී ඇති අතර ඔහු එහි පෙරමුණේම පසුවෙයි. 2009 වර්ෂයේ දී සිය මංගල එක්දින තරගයට සහභාගි වූ තිසර මේ දක්වා එක්දින ජාත්‍යන්තර තරග 125කට සහභාගි වී පිතිකරණයෙන් 17.57ක ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් හා පන්දු යැවීමෙන් 32.62ක ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන ඇත.

පාකිස්තානයට එදිරිව පසුගිය දා අවසන් වූ විස්සයි විස්ස තරගාවලියේ දී ද ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන ලද්දේ තිසර පෙරේරා විසිනි. එම විස්සයි විස්ස තරගාවලියේදී ඔහුගේ නායකත්වය පිළිබද ජාත්‍යන්තර විචාරකයන්ද පැසසුම් එක්කර තිබුනා.

තවද මේ වන විට පැවැත්වෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ රාන්ග්පූර් රයිඩර්ස් කණ්ඩායම කණ්ඩායම වෙනුවෙන් අවසන් මොහොතේ තරග කිහිපයක් ජයග‍්‍රහණය කිරීමට ද තිසරට හැකිවිය

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් එක්දින හා විස්සයි විස්ස තරගාවලිය දෙසැම්බර් 10 වන දා ආරම්භ වේ

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top