ක්‍රිඩා

මැතීව්ස් වරද පිලිගනියි

ලකුණු 50 ක් ගහන එකෙන් කාටවත්, ඒ කියන්නේ මටවත් මා ඉන්න කණ්ඩායමටවත් වැඩක් වෙන්නේ නෑ. හොඳ ආරම්භයක් ලබාගත්තොත් ඒක දිගු ඉනිමක් කරගන්නම ඕනෑ.”

“ලකුණු 50 ක් කියන්නේ ඒ තරම් වැඩක් ඇති දෙයක් නෙමේ. ශතකයක් තමයි වැදගත්” යයි සිය පුනරාගමනයේදී ඉන්දීය පිලට එරෙහිව ලකුණු 52 ක් ලබාගත් මැතිව්ස් පැවසීය.
කොල්කටා ටෙස්ට් තරගයේදී පන්දු 94 ක් තිස්සේ වෙහෙසවී ලකුණු 52 ක් ලබාගත් නමුත් ඒ ගැන ඔහුට සතුටක් නැත.

“මා ටෙස්ට් තරග වලදී පන්දු යැවීම නැවැත්වූයේ තාවකාලිකවයි. ඒ මගේ වෙහෙස තරමක් පාලනය කරගන්නයි…කොහොම වුණත් මා දැන් ක්‍රීඩා කරන්නේ පිතිකරුවකු ලෙසින්. ඒත් මම හිටපු නායකයා..ඒ වගේම ප්‍රධානතම පිතිකරුවා කියලා මම හිතන්නේ නෑ. ඔක්කොම එක සමානයි. කවුද මැද්දට යන්නේ…පුළුවන් තරම් ලකුණු සංඛ්‍යාවක් රැස්කරන්න එයා බර කරට ගන්න ඕනා” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නවතම අංක 4 පිතිකරුවා කියයි.

“මා දැවී ගිය අවස්ථාවේදී වුණෙත් ඒකමයි. අවධානය ගිළිහුණා නෙමේ..මා උත්සාහ කළේ ලකුණු ලබාගන්නයි. ඒත් ඒ පහර ගහන්න යද්දි මා ටිකක් නතර වුණා. සමහර විට මා ඒ පන්දුව නිදැල්ලේ යැව්වා නම් හොඳයි.
“මේ වෙනකොට මා හොඳ තත්ත්වයක සිටිනවා. ඉදිරියේදී පැවැත්වෙන තරග කිහිපයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිපුර යමක් කරන්න මට පුළුවන් වේවි”

Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top