ක්‍රිඩා

දික්වැල්ල-කෝලි ගැටුමේදී චන්දිමාල් නිහඩව සිටියේ ඇයි ?

පසුගිය ටෙස්ට් තරගයේදී දික්වැල්ල – කෝලි , ෂාමි අතර ඇති වූ ගැටුම බොහෝ දෙනෙකුගේ කතා බහට ලක් වුණා.එමෙන්ම මහේල , රසල් ආනල්ඩ් දික්වැල්ල අගය කර තිබීමද විශේෂ සිදුවීමකි.

නිරෝෂන් දික්වැල්ල කිසිදු වරදක් නොකළ නිසා, ඔහු හා ඉන්දීය නායක විරාට් කෝලි මෙන්ම තවත් ක්‍රීඩකයන් කිහිප දෙනෙකු අතර ඇති වූ වාග් සංග්‍රාමයේ දී තමාට මැදිහත් වීමට අවශ්‍යතාවක් නොවූ බව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පවසනවා.

දික්වැල්ල එසේ වචන හුවමාරුවක නිරත වෙද්දී අනෙක් අන්තයෙන් පන්දුවට පහර දෙමින් සිටි ක්‍රීඩකයා වුයේ දිනේෂ් චන්දිමාල් ය .

නිරෝෂන් අභියෝගවලට කැමති බව පවසන දිනේෂ්, ඔහු වරදක් කළ බව තමන් නොසිතන බවත් ඇතැම් දේ සඳහා ඔහු ප්‍රතිචාර දැක්වූ බවත් කියා සිටියා.

නිරෝෂන් දික්‌වැල්ල පන්දුවට පහර දෙමින් සිටින විට, එක්තරා අවස්තාවක දී ඔහුගේ පා ඉන්නෙන් පිටු පස පන්දු රකින්නන් තුන් දෙනෙකු යොදවා තිබෙනු දක්නට ලැබුනා.එය අන්තජාතික ක්‍රිකට් නීතියට පටහැනි ක්‍රියාවක්.

එසේ පන්දු රකින්නන් තිදෙනකු යොදවා සිටියදීත් පිට ඉන්නට ඇවිද ගොස්‌ ෆයින් ලෙග් කලාපය හරහා දර්ශනීය හයේ පහරක්‌ එල්ල කළ දික්‌වැල්ල , එම පන්දුව නීති විරෝධී පන්දුවක් ලෙස නම් කරන්නැයි විනිසුරුවරයාට සිහිපත් කර දුන්නා.

නිරෝෂන් දික්‌වැල්ල සහ ඉන්දියානු කණ්‌ඩායම අතර වාග් ප්‍රහාරයක්‌ ඇති වූ අවස්ථාවේ අනෙක් අන්තයේ සිටි චන්දිමාල් එම ස්ථානයට පැමිණියත් ඔහු එහිදී නිහඬව සිටි අයුරු දක්නට ලැබුනා.

චන්දිමාල් කියා සිටින්නේ ඉන්දියාව සමග කොල්කටා ඊඩ්න් ගාර්ඩ්න් හී පැවැති පළමු ටෙස්‌ට්‌ තරගයේ දී පරාජය නොවී සිටීමට දැඩි අධිෂ්ඨානයකින් සිටි බවයි.

“පකිස්ථානය සමග තරගාවලියේ දී වගේම, මේ තරගාවලියටත් හැම දෙනාටම ජයග්‍රහණය පිළිබඳව දැඩි මානසිකත්වයක්‌ ඇති වෙලා තියෙන්නේ. ඒ හින්දා පරදින්නේ නැහැ කියන දැඩි අදිටන අපිට තිබුනා. කාලය තව තිබුණනම් ඉලක්‌කය හඹා යන්නත් තිබුණා. ඒත් තණතීරුවේ හැටියට එය හඹා යෑම අභියෝගයක්‌. කොයි හැටි වුනත් අවසන් ඕවර කිහිපය ඉතා උණුසුම් වුණා.”

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top