ඩිස්නිලන්තය උපන් හැටි
දිනක් වෝල්ට් ඩිස්නිට තම දියණියන් දෙදෙනා උද්‍යානයක සෙල්ලම් කරමින් සිටිනු බලාගෙන සිටිය දී ඔහුගේ සිතේ අපූරු සංකල්පනාවක් ඇති වුණා.“ළමයින්ට සහ මව්පියන්ට එක වගේ විනොදවෙන්න පුළුවන් අරුම පුදුම සිහින උද්‍යානයක් නිර්මාණය කරන්න පුළුවන් නම්”ඔහු සිහින මැව්වා.
එය දවල් සිහිනයක් වෙන්නට ඉඩ නොදී ඔහු එය කි‍්‍රයාවට නගන්නට පටන් ගත්තා.ඔහු මුලින්ම එම සිහින උද්‍යානයේ ආකෘතිය සැලසුම් කළේ මනසින්. ඉන්පසු ඔහු ඇමරිකා එක්සත් ජනපදයේ විවිධ ප‍්‍රදේශවල පිහිටුවා තිබුණු විශ්මිත ගොඩනැගිලි නැරඹුවා.
තෝමස් අල්වා එඩිසන් ගේ විද්‍යාගාරය, රයිට් සහොදරයින්ගේ බයිසිකල් නිෂ්පාදනාගාරය, වෙබ්ස්ටර් ශබ්ද කෝෂයේ නිර්මාතෘ ගේ නිවස ආදී ප‍්‍රකට පුද්ගලයින්ගේ නිපැයුම් සහ ගොඩනැගිලි නරඹමින් වෝල්ට් ඩිස්නි තමන් ගොඩනගන්නට යන සිහිනලන්තයේ ආකෘතිය සිතින් නිර්මාණය කළා.
ඊළඟට ඔහු කළේ තම සිහින ලෝකය ඉදිකරන්නට සුදුසු භූමියක් තොරා ගැනීමයි.
හොඳම ප‍්‍රදේශයක් සොයමින් වෙහෙසුණු ඩිස්නිට අවසානයේදී අපූරු ස්ථානයක් හමුවුණා. ඒ කැලිෆෝර්නියාවේ අක්කර 160 ක දොඩම් වත්තකුයි.
වසර පුරාම එම ප‍්‍රදේශයේම පවතින දේශගුණික තත්ත්වය ද සිහින උද්‍යානයකට ගැලපෙන බව ඔහු වටහා ගත්තා. එහි තිබූ දොඩම් ගස් රැසක් සහ නිවාස 15 ක් ඉවත් කර උද්‍යානය සඳහා ඉඩ ලබාගත්තා. ඉන්පසු ඩිස්නි තම චිත‍්‍රපට නිෂ්පාදනාගාරයේ සහායකයින්ගේ උපදෙස් ද රැගෙන සිහිනලන්තය ගොඩනැගුවා.1955 ජූලි 17 දින ඩිස්නි ගේ සිතේ උපන් සිහිනය සැබෑ වුණා.
ඔහුගේ නමින් එනම් “ඩිස්නිලන්තය” නමින් සිහින ලෝකය විවෘත කරනු ලැබුවා.1964 දී ෆ්ලොරිඩා ප‍්‍රාන්තයේ ඕර්ලාන්ඩෝ ප‍්‍රදේශයේ තවත් ඩිස්නිලන්තයක් නිර්මාණය කිරීමට වෝල්ඩ් ඩිස්නි සිහින මැව්වා.
කැලිෆෝනියාවේ සෑදූ පළමු ඩිස්නිලන්තයට වඩා විශාල ලෙස ඔහු ‘ෆ්ලෝරිඩාවේ ඩිස්නිලන්තය’ ‘ඩිස්නි ලෝකය” නමින් නිර්මාණය කිරීමට සැලසුම් කරගෙන ගියා. නමුත් ඒ සිහිනය සැබෑවන දිනය වන තුරු ජීවත්වීමට ඩිස්නිට හැකි වූයෙ නැහැ.
අධික ලෙස දුම්පානය කිරීම හේතුවෙන් පෙනහළු පිළිකා නමුත් ඔහුගේ දෙවෙනි සිහිනය මියයන්නට ඔහුගේ සොයුරු රෝයි ඩිස්නි ඉඩ දුන්නේ නැහැ. ඔහු ඩිස්නිලන්තයෙ ඉතිරි වැඩ සම්පූර්ණ කර තවත් සුන්දර ඩිස්නිලන්තයක් ෆ්ලොරිඩා හි 1971 ඔක්තෝබර් 01 දින විවෘත කරන්නට සමත් වුණා.