gossip

නීරෝගී මොලයක් උවමනාකර තිබේ

මේක නම් ටිකක් වෙනස් දෙයක්

ඉන්ද්‍රිය බද්ධ කිරීමෙන් මරණ වරෙන්තුව ලබා සිටින බොහෝ දෙනකුට එයින් නිදහස් වීමට අවස්ථාව ලැබේ. වකුගඩු, ඇස් , හෘදයවස්තුව ආශ‍්‍රිත රෝගවල දී ඉන්ද්‍රිය බද්ධ කිරීමෙන් විපුල ප‍්‍රයෝජන අත් වේ.

බි‍්‍රතාන්‍යයේ විද්‍යා උත්සවයක දී පාකින්සන් රෝග සඳහා වූ එරට පටක බැංකුවේ වෛද්‍ය පර්යේෂක කි‍්‍රස්ටින් ගෝල්ඩ්රින් සඳහන් කළේ අද මොළය ආශ‍්‍රිත පටකවල උග‍්‍ර හිගයක් පවතින බවයි.මිනිසුන්ගේ ජීවිත අවසන අවයව දන් දීමක් සිදුවණත් මොළය පිළිබඳ එම අවස්ථාව ඇතැයි ඔවුන් සිතන්නේ නැහැ.

නීරෝගී මොළවලින් ලබා ගන්නා පටක ඉතා ම දැඩි අවශ්‍යතාවක්ව තිබුණ ද දැනට පාකින්සන් රෝග පටක බැංකුවේ ඇති මොළ 25 කින් කීපයක් රෝගී තත්ත්වයට පත් වූ ඒවා ලෙස සලකනු ලැබේ.නීරෝගී මොළයකට කි‍්‍රයාකාරිත්වය පාදක කරගෙන ඔවුන් ලබා ගන්නා මොළ පිළිබඳ අධ්‍යයනයේ යෙදෙනවා.

ඒ අනුව රෝග තත්ත්වය හඳුනාගෙන ඊට ප‍්‍රතිකාර ලෙස මෙම පටක බද්ධ කිරීමෙන් රෝගය බෙලහීන කිරීමට පුළුවන්.

මොළයේ ප‍්‍රදේශයක් ආශ‍්‍රිතව සිදුවෙන ස්නායු ආබාධ තත්ත්වය පාකින්සන් රෝගය නමින් හඳුන්වනවා. බි‍්‍රතාන්‍ය තුළ පමණක් 1,20,000 ක් දෙනා පාකින්සන් රෝගයෙන් පීඩා විඳින අතර, ඔවුන්ගෙන් බොහෝම දෙනෙක් වැඩිහිටි උදවියයි.

මේ අතරින් වයස අවුරුදු 45 ට අඩු පුද්ගලයින් ද 10% ක පිරිසක් සිටියා.ගෝර්ඩන් සඳහන් කරන අන්දමට දින දින ම වයසට යන පුද්ගලයන් අතර පාකින්සන් සහ ඇල්සයිමර් රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ නගිමින් තිබෙනවා. මෙම තත්ත්වයට පිළියම් කිරීම සඳහා මොළය ආශ‍්‍රිත පටකවල අවශ්‍යතාව දැඩි ලෙස ඉහළ නගිනවා.

මීට ඉහත දී ලබා ගත් පටක මඟින් L – dopa වැනි පාකින්සන් රෝග සඳහා වූ ඖෂධීය ප‍්‍රතිකාර වෙනුවෙන් යොදා ගත්තා. පාකින්සන් රෝගයේ දී මොළයේ සෛලවලට හානි සිදුවීම මෙන් ම සෛල මියයන්නේ ඇයිදැයි වූ අවධානයට පටක පිළිබඳ අවශ්‍යතාව ඉතා ම දැඩි ලෙස දැනේ.

මෙම රෝගයට බලපාන නිදහස් රසායනයන් පිළිබඳ දැනටමත් හදුනාගෙන ඇති අතර තව දුරටත් මෙම අධ්‍යයනය ඉදිරියට ගෙන යන්නට නම් පටක පිළිබඳ ගැටලුවලට විසඳුම් අවශ්‍ය බව විද්‍යාඥයෝ සඳහන් කරති.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top