දුවක් ඉන්න හැම අම්මෙක් – මේක හොඳින් හිතට ගන්න..
ගහල බැනල හිත රිදවල- එපා ඇයට කඳුළු දෙන්න..
අඬන දොඩන හැම මොහොතෙම- හිස අතගා සනසවන්න..
කවුරු කොහොම ඇද කීවත් – හිතල මතල වැඩකරන්න…
ඇයට ඕනි හැම මොහොතෙම- එපා ඇයව තනිකරන්න …
හැකි පමණට දූ පැත්තට- හොඳ කියන්න පුරුදුවෙන්න..
අළුත් අළුත් පැශන් වලින්- ඇඳුම් ටිකක් අරන් දෙන්න..
ටිකක් කොටට..ටිකක් හිරට- කැමති ඇඳුම් අරන් දෙන්න…
මාල වළළු මුදු කරාබු – බෑ නොකියා අරන් දෙන්න
රත්තරනින් නොවුන නමුත් – පබළු වුණත් ගෙනත්දෙන්න..
දූට ඕන කෑමජාති – හොඳම කඩෙන් අරන් දෙන්න
හෙමින් සැරේ ගෙදර ඉද්දි – හදා ගන්න කියා දෙන්න..
පාඩම් වැඩ තිබුණදාට – පාන්දරින් ඇහරවන්න..
ඒත් දිනක් දෙක්ක වුණත් – නිදා ගන්න ඉඩ හරින්න..
ගෙදර දොරේ වැඩපල ටික – හෙමින් සැරේ කියල දෙන්න..
මරව මරව කවදාවත් – එපා ඇගෙන් පිදුම් ගන්න…
අම්මා තාත්තා සීයා – ආච්චි ගැන කියා දෙන්න..
මව් පදවිය ලබන දාට – දිරිවඩන්න හයියදෙන්න…
මල් තියලා බුදුන් වැදලා – උගන්වන්න පින් කරන්න..
ජීවිතයම තනි හයියෙන් – අදින්නවෙයි කියා දෙන්න..
ගුණ ගරු කම් මනුස්ස කම් – හැකිපමණට උගන්වන්න..
මවු තුරුලෙන් සොබාධමට – ගරු කරන්න කියා දෙන්න..
තව නිවසක පහන වෙලා – යන කුලගෙය සරසවන්න…
දුවෙක් වෙලා නැන්දම්මට – සලකවන්න උගන්වන්න…
තාත්තවගෙ ස්වාමියෙක් – හොයාදෙන්න හිතාගන්න..
ඈ ගත්තොත් ඒ තීරණ – හොයල බලල කැමතිවෙන්න..
අම්මා නුඹ පමණක්මයි – වෙන නෑ ඒ බව සිතන්න..
අම්මේ නුඹ ළඟ පමණයි – ඇගෙ නිදහස ලබා දෙන්න…
කුළගෙය මළගෙයක්නොවී – සැප ලබන්න කියාදෙන්න..
අඩු ලුහුඬින් පිරුණ වුණත් –
ඉවසගන්න පුරුදු දෙන්න..
දුක් කඳුළැලි දරා ගන්න – එය ඉදිරියෙ හිනාවෙන්න…
මතක ඇතිව කියා දෙන්න- තවත් දුවක් බිහිකරන්න…