ලෝකය

සිංහ පැටව් විකුණන්න දාලා

ගාසා තීරයේ පෞද්ගලික සත්වෝද්‍යානයක සිංහ පැටවු තිදෙනකු විකිණීමට එහි හිමිකරු තීරණය කර ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

සිංහ පැටවුන් තිදෙනා විකිණීමට සත්වෝද්‍යාන හිමිකරු තීරණය කර ඇත්තේ තවදුරටත් උන්ට කෑම බීම සැපැයීමට හැකියාවක් නැති බව පෙන්වා දෙමිනි.

 

 

සත්වෝද්‍යානයේ හිමිකරු මොහොමද් අහ්මස් ජුම්මා පවසා ඇත්තේ එක් පැටවකු ජෝර්දාන ඩිනාර් 3,500 (ඇමෙරිකන් ඩොලර් 5,0000) කට විකුණන බවය.

සත්වෝද්‍යානයේ තවත් සිංහයන් දෙදනකු සහ සිංහ ධේනූන් තිදෙනකු සිටින බවත්, ඔවුන් කෙසේ හෝ නඩත්තු කිරීමට තමා උත්සාහ ගන්නා බවත්  මොහොමද් අහ්මස් කියයි.

ගාසා තීරයේ වැසියන් සම්බාධකවලින් මිරිකී ආර්ථිකමය වශයෙන් ගැටලු රැසකට මුහුණ දී සිටී. ආරම්භයේ දී සත්වෝද්‍යානය නැරැඹීමට බොහෝ දෙනා පැමිණියත්, මේ වනවිට පැමිණෙන නරඹන්නන් ගණන බොහෝ සේ අඩුවී ඇති බවත් මොහොමද් අහ්මස් මාධ්‍ය හමුවේ පැහැදිලි කරයි.

(ඒ.එෆ්.පී.)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top