ලෝකය

නෑගම් යන සුපිරි පරිඝණකය

හිරුගේ සිට දෙවැනියට පිහිටන ග්‍රහලොව සිකුරුය. ඉංග්‍රීසි බසින් එය ‘වීනස්’ යනුවෙන් නම් කර ඇත්තේ රෝමාන දෙවඟන වන ආදරයට සහ ලස්සනට අධිපති වීනස් දෙවඟන සිහි කරමිනි.

පෘථිවියේ ‘නපුරු’ නිවුන් සොයුරා ලෙස හැඳින්වෙන්නේ ද සිකුරුය. ‘නපුරු’ නිවුන් සොයුරා ලෙස හඳුන්වා දෙනු ලැබ ඇත්තේ සිකුරු ග්‍රහයා හිරු අසලට වෙන්න පිහිටිම නිසා එය අධික තාපයෙන් යුක්ත කර්කශ ලෝකයක් වීම නිසාත්ය.

මේ හේතු කාරණා හේතුවෙන් සිකුරු ගවේෂණය ගැටලුවක් වී ඇත.

සිකුරු ග්‍රහයාට රොබෝ යානයයක් යැවීම හෝ පතිත කිරීම ගැටලුවක් වී ඇත්තේ සිකුරේ අධික තාපය හේතුවෙනි. ඒත් දැන්, තාක්ෂණයේ දියුණුවත් සමඟ, අධික තාපයට ඔරොත්තු දීමට හැකි සුපිරි පරිගණකයක් සිකුරු මතුපිටට යවා දත්ත රැස් කර ගැනීමට ඇමෙරිකාවේ නාසා ආයතනය සහ රුසියානු විද්‍යාඥයින් පිරිස් පිඹුරුපත් සකස් කරමින් සිටිති.

සිකුරු සහ පෘථිවිය  ප්‍රමාණයෙන් තරමත් සමාන වුවත්, ඇත්තේ එකිනෙකට හාත්පසින්ම වෙනස් වායු ගෝලයන්ය. වීනස්ගේ වායුගෝලය විස කාර්බන් ඩයොක්සයිඞ් වායුවලින් පිරී පවතී. වලාකුළුවල ඇත්තේ සල්ෆියුරික් අම්ලය. වායු ගෝලය ඝනකම්ය.

සිකුරු ග්‍රහයා භ්‍රමනය වන්නේ අනෙක් ග්‍රහලෝක මෙන් නොව, ප්‍රති විරුද්ධ දිශාවටය. එනම් නැගෙනහිර සිට බටහිරටය. සිකුරුට හිරු උදාව වන්නේ බටහිරිනි. හිරු බසින්නේ නැගෙනහිරිනි. හිරු සහ අප සඳුට අමතරව රාත්‍රී අහසේ දීප්තිමත්ව දිස්වන වස්තුව වන්නේ ද සිකුරුය. පරිවාර ග්‍රහයන් නැත.

සිකුරු ග්‍රහයාගේ අභ්‍යන්තරයේ ඇත්තේ නිකල් සහ යකඩ අඩංගු හරයකි. පිටතින් ඇත්තේ සිලිකේටවලින් සමන්විත පෘෂ්ඨයකි. සිකුරු ද අප සඳ මෙන් කලාවන් පෙන්නුම් කරයි. සෞරග්‍රහ මණ්ඩලයේ උසින් වැඩිම කඳු ඇත්තේ සිකුරු මතුපිටය. මැක්ස්වෙල් මොන්ටේස් නමැති මෙම කඳු පංතිය එවරස්ට් කන්දට වඩා මීටර් 2 කින් උසින් වැඩිය.

රුසියානු ගගන පර්යේෂණ ආයතනයේ සහ ඇමෙරිකාවේ නාසා ආයතනයේ විද්‍යාඥයන් පවසන පරිදි, ඔවුන් විසින් නිර්මාණය කරමින් පවතින පරිගණකය සැබැවින්ම ‘සුපිරි’ පරිගණකයකි. එය නිර්මාණය වන්නේ අධික තාපයට ඔරොත්තු දීමට හැකි ලෙස සිලිකන් කාබයිඞ් විශේෂයකිනි.

අධික තාපයක් මැද පැය ගණනාවක් ක්‍රියාත්මක වෙමින් දත්ත රැස් කිරීමට මෙම පරිගණකයට හැකියාව ලැබෙයි. මෙම පරිගණකය 2025 වසරේ දී සිකුරු මතුපිටට රොබෝ යානයක් ආධාරයෙන් යැවීම සිදුවෙයි. එම රොබෝ යානය ද අධික තාපයට ඔරොත්තු දෙන අයුරින් නිර්මාණය වෙයි. මෙම සිකුරු ගවේෂණ මෙහෙයුම නම් කර ඇත්තේ ‘වෙනෙරා ඩී’ යනුවෙනි.

සිකුරුගේ මතුපිට උෂ්ණත්වය ෆ්‍රැරන්හයිට් අංශක 900 කි. සෙල්සියස්වලින් නම් අංශක 480 කි. වායුගෝලයේ පීඩනය පෘථිවි වායුගෝලයේ පීඩනය මෙන් 90 ගුණයකි.

සිකුරු ග්‍රහයාට රොබෝ ගවේෂණ යානයක් යැවීම මිනිසාට විශාල අභියෝගයක් නොවේ. සිකුරු මතුපිටට යානයක් ගොඩබැස්සම ද අසීරු දෙයක් නොවේ. ගැටලුව තමා සිකුරුගේ වායු ගෝලය සහ අධික තාපය. හිරුට ආසන්නයෙන් පිහිටින නිසා එම අධික තාපය තහ විකිරණ සාමාන්‍ය පරිගණකයන් අසුරු සැණින් දූවිලි කර දමනවා. ඒකයි අප විශේෂ පරිගණකයක් නිර්මාණය කරන්නේ. පැය කීපයක් එය ක්‍රියාත්මක වුණොත් අපට ඒ හොඳටම ප්‍රමාණවත් වේවි අවශ්‍ය දත්ත පෘථිවියට ලබා ගන්න’ යැයි නාසා පර්යේෂණ ඉන්ජිනේරුවෝ පැහැදිලි කරති.

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් රුසියාව සහ ඇමෙරිකාව අතර අර්බුද පැවැතියත්, ගගන පර්යේෂණ සහ ගවේෂණ කටයුතු සම්බන්ධයෙන් මෙම රටවල් දෙක සැමවිටම එකමුතු වී කටයුතු කරයි. එම මිතුදම සැබැවින්ම ශක්තිමත් එකකි. ඇමෙරිකාව සහ රුසියාව හවුලේ සිදුකරන මෙම සිකුරු ගවේෂණය ද මිනිස් ඉතිහාසයේ ඓතිහාසික සංධිස්ථානයක් වනු ඇතැයි පැවැසෙයි. නාසා ආයතනයේ ‘මැගලන්’ අභ්‍යවකාශ යානය සිකුරු ග්‍රහයාගේ කක්ෂයට පිවිසියේ 1990 වසරේදීය.

වලාකුළුවලින් පිරුණු වායුගෝලය හරහා සිකුරු ග්‍රහයා සිතියම් ගත කිරීමට මෙම මැගලන් ගවේෂණ යානයට හැකියාව ලැබුණි. සිකුරුගේ මතුපිට තොරතුරු මැගලන් එක්රැස් කළේය. ආයුෂ අවසන් වී විනාශ වීමට පෙර, මැගලන් හය වතාවක්ම සිකුරුගේ මතුපිට ගවේෂණය කළේ කක්ෂයේ රැඳී සිටිමිනි. සිකුරුගේ පෘෂ්ඨයෙන් සියයට 99 ක් ම සිතියම් ගත කරන්න මැගලන්ට හැකිවුණු බව නාසා විද්‍යාඥයෝ පවසති. සිකුරුගේ ආවාට, ආගාධ හරහා ලාවා ගලා යන අයුරු සහ යමහල් ඇති බව විද්‍යාඥයන්ට මුලින්ම දැන ගැනීමට හැකිවූයේ ඒ අනුවය.

ඬේලිමේල් ඇසුරිනි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top