දැනුම

#PIN අංකය ටයිප් නොකර Phone කාර්ඩ් දා ගන්න කැමතිද ?

ෆොන් එක රීචාර්ජ් කරගන්න ගියාම කරන්න වෙන කම්මැලිම වැඩේ තමයි කාඩ් එකේ PIN අංකය අතින් ටයිප් කරන්න එක. සමහර වෙලාවට අපි අතින් PIN අංකය වැරදියට ටයිප් වෙන අවස්ථාත් ඕන තරම් තියනවා.

 

ඒත් මේ කරදරෙන් මිදෙන්න හොඳ තාක්ෂණික විසදුමක් දැන් ඉදිරිපත් වෙලා තියනවා. හදුන්වාදෙන Quick recharger කියන Android App එකෙන් ෆොන් රීචාර්ජ් කාඩ්   දානකොට අපි කාටත් ඇති වුණ ඒ අපහසුතාව නැති කරන්න හැකියාව ලබාදි තිබෙනවා.

 

 

මේ නවතම APP එක හරහා ෆොන් එක රීචාර්ජ් කරගන්වා නම්, ඔයාට කරන්න තියෙන්නේ ෆොන් එකේ කැමරාවට කාඩ් එකේ PIN අංකය යොමු කිරීම පමණයි. මේ විදහට යොමු කරන රීචාර්ච් කාඩ්පතේ PIN අංකය App එක මඟින් ස්වයංක්‍රීයවම හඳුනාගන්නවා.  PIN අංකය නිවැරදිව හඳුනාගත්තට පස්සේ “Dial Now” විධානය ලබාදිමෙන් ඔබේ ගිණුම ඉතා පහසුවෙන් රීචාර්ජ් කරගන්න පුළුවන් . ඔබේ යහළුවෙකුට කාඩ්පතක PIN අංකය යැවීමට අවශ්‍ය නම් එයත් මේ හරහාම සිදුකරන්න පුළුවන්.

 

 

දැන් ඉතිං ඔබට PIN අංක අතින් ටයිප් කරන්න වගේම දුරකථන සමාගම්වලට කෝල් කරන්න හෝ මැසේජ් කරන්න අවශ්‍ය වන්නේ නැහැ. මේ සේවාව Dialog, Mobitel, Etisalat හා Airtel යන දුරකථන ජාල සඳහා මේ වනවිටත් ලබා දී තිබෙන අතර නුදුරේදීම Hutch පාරිභෝගිකයන් සඳහා ද සේවාව ලබාදෙන්න මෙහි නිර්මාණකරුවන් බලාපොරොත්තු වෙනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top