නාසා ආයතනය දෙවැනි සෞරග්‍රහ මණ්ඩලයක් ඇති බව සොයාගෙන ඇත. මේ හැර කෙප්ලර් 90 තාරකාවට ඈතින් අටවැනි ග්‍රහයකු ඇතැයි ද ගූගල් සහ නාසා ආයතනය කළ විමර්ශනයේදී අනාවරණය වී තිබේ.
මේ අලුත් ග්‍රහලෝකය පෘථිවියට වඩා සියයට 30 ක් විශාල වේ. එහි පිටසක්වල ජීවීන් ඇති බවට සැක කෙරේ. තාරකා පද්ධතීන් අතරේ මෙවන් ග්‍රහයන් ඇති බව සොයාගනු ලැබුවේ මුල් වරටය. මේ සොයා ගැනීම සිදුවී ඇත්තේ අභ්‍යවකාශ දුරේක්ෂයෙනි.
එසේම තවත් සෞරග්‍රහ මණ්ඩලයක් ඇති බව මෙතෙක් හෙළිවී නොතිබිණි. නාසා ආයතනය පවසන්නේ පෘථිවියේ මෙන් ජන සමූහයක් අටවැනි ග්‍රහයා මත සිටිය හැකි බවයි.
මේ අටවැනි ග්‍රහයා සමීපයේ ඇති තාරකාව වටා එය සෑම දින 14 කට වරක් භ්‍රමණය වේ.