ලෝකය

ගූගල් සමාගම වෙතින් චීනයට කෘතිම බුද්ධිය

තාක්ෂණික සේවා සීමා කර ඇති රටක් වන චීනය තුළ කෘත්‍රීම බුද්ධි (ඒ.අයි) පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට ලෝ ප්‍රකට ගූගල් සමාගම් තීරණය කර තිබේ.

ආසියාව තුළ මේ ආකාරයේ පර්යේෂණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කරන පළමු අවස්ථාව මෙය යැයි ද ගූගල් සමාගම කියයි. චීන ප්‍රතිපත්ති සම්පාදකයන් කෘත්‍රීම බුද්ධි සම්බන්ධයෙන් කෙරෙන පර්යේෂණ හා සංවර්ධනය සඳහා ඉහළ සහයෝගයක් ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.

කෙසේ නමුත් චීනය තුළ විදෙස් සමාගම්වලට ක්‍රියාත්මක වීමට ඇත්තේ සීමිත ඉඩ කඩකි. පසුගිය වසරේදී චීන පරිපාලනය විදෙස් සමාගම් වාරණය කිරීමේ නව නීතිරීති ගෙන ආවේය.

ලොව ප්‍රමුඛතම සෙවුම් ජාලයක් වන ගූගල් චීනය තුළ තහනම් කරන ලද අන්තර්ජාල සේවාවකි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top