gossip

අගහරු වෙතට මිනිසුන් යැවීමට ට්‍රම්ප් තීරණය කරයි

යළිත් වරක් සඳ තරණය කිරීමටත්, අඟහරු ග්‍රහයාට ගගනගාමීන් යැවීමටත් කටයුතු කළ යුතු යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.

ට්‍රම්ප් මෙසේ කියා සිටියේ ධවල මන්දිරයේ විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. සඳ තරණයෙන් පසු, අනාගතයේ දිනෙක අඟහරු ග්‍රහයාටත් ගගනගාමීන් යැවිය යුතු බව ජනපති ට්‍රම්ප් අවධාරණය කළේය.

ඒ සඳහා නාසා ප්‍රධානී රොබට් ලයිට්ෆුට්ට අවශ්‍ය බලතල ලබා දෙන බව ද ජනපති ට්‍රම්ප් කියා සිටියේය. ඊට අදාල ලියවිල්ලට ට්‍රම්ප් අත්සන් තැබුවේය. අභ්‍යවකාශ තරණයේ ප්‍රමුඛයා ඇමෙරිකාව විය යුතු බවත්, එය ඇමෙරිකාවේ අභිමානය විය යුතු බවත් ට්‍රම්ප් එම අවස්ථාවේදී පෙන්වා දුන්නේය.

‘ඇමෙරිකානුවන් ආපසු සඳට යන්න ඕනෑ. ඊට පස්සේ අඟහරු යන්න ඕනෑ. පළමුවෙන් හඳට ගියේ අපි ඇමෙරිකානුවෝ. මුලින්ම අඟහරු යන්න ඕනෑ අපි’ යැයි ට්‍රම්ප් මාධ්‍ය හමුවේ කියා සිටියේය.

ට්‍රම්ප් මේ බව නිවේදනය කළේ ඔහුගේ දෙවැනියා වන උප ජනපති මයික් පෙන්ස් සහ විශ්‍රාමික නාසා ගගනගාමීන් පිරිසක් ද පිරිවරාගෙනය. මෙම අවස්ථාවට ඇමෙරිකා නාසා ආයතනයේ නිලධාරීන් කණ්ඩුයමක් ද ධවල මන්දිරයට පැමිණ සිටි බව වාර්තා වේ.

නාසා ආයතනයේ නව ප්‍රධානියා පත් කිරීම ද ට්‍රම්ප් කටයුතු කරයි. ට්‍රම්ප් ඒ වෙනුවෙන් ඔක්ලහෝමා කොංග්‍රස් සභික රිපබ්ලිකන් පාක්ෂික ජිම් බ්‍රයිඞ්ස්ටයින් නම් කර තිබේ.

ජිම් බ්‍රයිඞ්ස්ටයින්ට එම ධුරය හිමිවන්නේ සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය හිමිවීමෙන් පසුවය. ඇමෙරිකන් පුවත් සේවා වාර්තා කරන අන්දමට සෙනෙට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය බ්‍රයිඞ්ස්ටයින්ට හිමිවී ඇති බව ද වාර්තා වේ.

(ඒ.එෆ්.පී.)

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top