gossip

වසර 4000 ක් පැරණි විවාහ ගිවිසුමක රහස් එලියට

අවුරුදු 4,000ක් පරැණි විවාහ ගිවිසුමක් තුර්කියෙන් හමු වී ඇති අතර වඳභාවය සම්බන්ධයෙන් මෙතෙක් දැන ගන්නට ලැබී ඇති පළමු වැනි සඳහනද ඊට ඇතුළත්ව තිබේ. අලුත විවාහ වන යුවළකට විවාහයෙන් වසර දෙකක් ඇතුළත දරුවකු නොලැබුණහොත් එම භාර්යාව වෙනුවට ආදේශිකාවක වශයෙන් වාල් කාන්තාවක යොදා ගැනීමට පුරුෂයාට අවසර ලැබෙන බව මැටි පුවරුවක සටහන් වී තිබෙන මෙම ගිවිසුමෙහි සඳහන්ව තිබේ.

මෙම ගිවිසුම ලියැවී තිබෙන කීලාකාර අක්ෂර පැරැණිතම ලේඛන ක්‍රමයකට අයත් යැයි සැලැකේ. පළමු වැනි පිරිමි ළමයා බිහි වුණායින් පසු එම වාල් කාන්තාව නිදහස් කළ යුතු බවට කොන්දේසියක්ද ගිවිසුමට ඇතුළත්ය.

ඇසිරියා ඉතිහාසය

ඇසිරි අධිරාජ්‍යය ක්‍රි.පූ. 25 වැනි සියවසට අයත් සංකීර්ණ මෙසපොටේමියානු ශිෂ්ටාචාරය පැවැති දේශයකි. මෙසපොටේමියාව ඉපැරැණි ආසියාවට අයත් වූ දේශයකි. එහි විශාල නගරවලට එක් රැස් වූ ජනතාව ආණ්ඩු නිර්මාණය කර ගත්හ.

ලිවීමට ඉගෙන ගත්හ. පැරැණි බැබිලෝනියාව හා සුමේරියාව යනාදී නගර මෙන්ම ඇසිරියෙන් අධිරාජ්‍යයද ඉතිහාසයේ පැරැණිම ශිෂ්ටාචාර අතුරෙන් එකක්. තුර්කියේ මෙම නව
මැටි පුවරුව හමු වුණු කුල්ටෙපේ දිස්ත්‍රික්කය ක්‍රි.පූ. 25 – 18
අතර කාලය තුළ ඇසිරියානු

අධිරාජ්‍යයෙන් පැමිණි ජනතාව ජනපද පිහිටුවා ගත් ප්‍රදේශයකි. 1925දී මෙවැනි කීලාකාර මැටි පුවරු දහසකට වැඩි ගණනක් මෙම දිස්ත්‍රික්කයෙන් හමු වී ඇති අතර ඉතා සරු එමෙන්ම සංකීර්ණ සංස්කෘතික උරුමයක වගතුග ඒවායින් අනාවරණය විය. පූර්ව කාලීන මානව සමාජය පිළිබඳ අපගේ දැනුමෙන් බොහෝ කොටසක් මෙවැනි පුවරුවලින් සැපැයී තිබෙන හෙයින් විද්වත්හු මෙසපොටේමියාව ‘ඉතිහාසයේ ආරම්භක ස්ථානය’ වශයෙන් හඳුන්වති.

දරුවන් නැති නව යුවළකට දරුවකු ලබා ගැනීම සඳහා ආදේශිකාවක වශයෙන් යොදා ගැනෙන වාල් කාන්තාව පළමු වැනි දරුවා බිහි කළායින් පසු නිදහස් කළ යුත්තේ නව යුවළ දරුවන් නැතියවුන් නොවන බව ප්‍රකට වනු පිණිස යැයි මෙම පර්යේෂක පිරිසේ නායක තුර්කියේ හැරන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය අහමද් බර්කිශ්ටර්ස් ප්‍රකාශ කරයි. මෙම තොරතුරු සටහන් වී තිබෙන මැටි පුවරුව දැන් ඉස්තාන්බුල් පුරාවිද්‍යා කෞතුකාගාරයෙහි තැන්පත්ව තිබෙන අතර, පර්යේෂණයේ ප්‍රතිඵල ‘ගයනෙකොළජිකල් එන්ඩොකේ‍රානොලොජි’ (ට්රදඥජධතධඨඪජචත ඡ්දඤධජපඪදධතධඨර) නමැති ප්‍රකාශනයෙහි ඇතුළත්ය.

අදාළ වෙනත් ලේඛන අක්ෂර කලාව බිහි වන්නට අවුරුදු 200කට කලින් නොයෙක් වාර්තා සටහන් කරනු
පිණිස යොදා ගන්නා ලද සංකේත සටහන්ව තිබෙන මැටි ගුළි 2013දී ඉරානයෙන් හමු විය. මෙසපොටේමියාවේ නගර ඉතා සමෘද්ධිමත්ව පැවැති වසර 3,500කට ඉහත කාලයකදී නිර්මාණය කරන ලදැයි සැලැකෙන මේ මැටි බෝල එකල සිදු වුණු ආර්ථික ගනුදෙනු සංකේත මඟින් සටහන් කිරීම සඳහා යොදා ගැනෙන්නට ඇතැයි සැලැකේ.

සමහර මැටි ගුළි ඇතුළත හිස්ව පන්දු හෙවත් බෝල ආකාරයෙන් නිර්මාණය වී තිබෙන අතර, ‘කවර’ (ඡ්දමඥතධනඥඵ) නමින් හැඳින්වුණු එම බෝල මත ජ්‍යාමිතික හැඩ සහිත නොයෙක් සංකේත දක්නට ලැබේ. ලෝකයේ ඉපැරැණිම ‘දත්ත ගබඩා’ ක්‍රමයක් එම සංකේත සහිත මැටි බෝලවලින් නියෝජනය වෙතැයි චිකාගෝ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ක්‍රිස්ටෝපර් වුඩ්ස් ප්‍රකාශ කරයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top