gossip

තට්ටය පෑදීම හෘද රෝග වලට මුලද ?

වයස අවුරුදු විසි හෝ තිස්‌ ගණන්වල පසු වන පිරිමින්ගේ හිස කෙස්‌ හැලී තට්‌ටය පෑදී ඇත්නම් හෝ හිස කෙස්‌ සුදු පැහැ ගැන්වී ඇති නම් ඔවුන් හෘදයාබාධයකට ලක්‌වීමේ වැඩි අවදානමක්‌ පවතින බව නවතම බටහිර අධ්‍යයනයකදී අනාවරණය වී තිබේ.

වයස අවුරුදු හතළිහ පිරීමට පෙර තම හිස කෙස්‌ හැලෙන හෝ හිසකේ සුදු පැහැ ගැන්වී ඇති පිරිමින් එයට වඩා අඩු වයස්‌වල පසුවන්නන්ට වඩා හෘද රෝගවලට ගොදුරු වීමේ හැකියාව පස්‌ ගුණයකින් වැඩි බවද මෙම අධ්‍යයනය සිදු කළ ඉන්දියාවේ මෙහ්තා හෘද රෝග හා පර්යේෂණ මධ්‍යස්‌ථානයේ වෛද්‍ය සචින් පට්‌ල් පවසයි.

මෙම අධ්‍යයනය සඳහා වයස අවුරුදු හතළිහ පිරීමට පෙර හෘද රෝගවලට ගොදුරු වූ පිරිමින් 790 දෙනකු හා එම වයස්‌වල පසු වන නිරෝගී පිරිමින් 1270 දෙනකු යොදා ගෙන ඇත. මෙම කණ්‌ඩායම් දෙකට අයත් පිරිමින්ගෙන් වයස අවුරුදු හතළිහට පෙර හෘද රෝග වැළඳුණු පිරිමින් එම වයස්‌ කාණ්‌ඩයේම නිරෝගී පිරිමින්ට වඩා හිසකේ සුදු පැහැ ගැන්වීමට හා තට්‌ටය පෑදිමේ වැඩි අවදානමක්‌ පවතින බව හෙළි වී තිබේ.

මෙම අධ්‍යයනයට සහභාගි වූ පර්යේෂකයෙකු වන මෙහ්තා ආයතනයේ වෛද්‍ය කමල් ෂර්මාට අනුව තට්‌ටය පෑදීම හා අඩු වයසකින් හිසකේ සුදු පැහැ ගැනීම හෘද ධමනි රෝග සඳහා වන අවදානම් සාධකයන් ලෙස සැලකිය යුතුව තිබේ. මෙම අධ්‍යයනයෙහි වාර්තාව පසුගියදා ඉන්දියාවේ කොල්කටා නගරයේ පැවැති ඉන්දීය හෘද සංගමයේ 69 වැනි වාර්ෂික සමුළුවේදී ඉදිරිපත් කෙරිණි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top