ක්‍රිඩා

සිංහයන් ඉදිරියේ ඉන්දියාව අසරණ වෙයි .. ඉන්දියානු ඉනිම අවසන්

කාසිය වාසිය දිනාගනිමින් සිය ප්‍රතම තරගයට නායකත්වය දෙන තිසර පෙරේරා ප්‍රතමයෙන් පන්දු යැවීමට තීරණය කල අතර ඒ අනුව පන්දුවට පහර දීමට පැමිණි ඉන්දියානු කණ්ඩායම අසරණ කිරීමට ශ්‍රි ලංකා පන්දු යවන්නන් සමත් වූහ.කඩුළු දවා ගැනීම ආරම්භ කලේ ඇන්ජෙලෝ මැතිව්ස්ය. ඒ සමග ක්‍රියාත්මක වූ සුරංග ලක්මාල් ලකුණු 13 ට කඩුළු 4 ක් ලබා ගැනීමට සමත් විය.

ඉන්දියානු ඉනිම එක් මොහොතක ලකුණු 16 ට කඩුළු 5 ක් ලෙස සටහන් වුණා.එය වාර්තාවක් වන අතර ඉන්දියානු කණ්ඩායමේ පලමු කඩුළු 5 අඩුම ලකුණු සංඛ්‍යාවට දැවී ගිය අවස්ථාව ලෙස එය සටහන් වුණා.

ලකුණු 50 ඇතුලත සියලුම ක්‍රිඩකයන් දැවී යාමට තිබු මොහොතේ තනි සටනක් දීමට දෝණි සමත් විය. කෙසේ වෙතත් ඔහුද දැවී යාමට ආසන්න අවස්ථා රැසකදී ඔහුගේ වාසනාවට ඔහු දැවී ගියේ නැත.කෙසේ වෙතත් සටන් කාමී ඉනිමක් ක්‍රිඩා කල දෝණි අවසන් කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 65 ක් ලබාගෙන ඉන්දියානු ඉනිම පන්දු ඕවර 38 කදී ලකුණු 112 සීමාවට ගොස් තිබිණි.

ඉන්දියානුවන් දුර්වල යැයි නිතරම උදම් ඇනූ ශ්‍රි ලංකා කණ්ඩායම ඔවුන්ට මෙසේ පිලිතුරු ලබා දුන්නා.තව සුළු මොහොතකින් ශ්‍රි ලංකා කණ්ඩායම පන්දුවට පහර දීමට පැමිණිමට නියමිතයි.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top