ක්‍රිඩා

කාසිය වාසිය තිසර දිනා ගනියි .. බලාපොරොත්තු තබා ගත් ක්‍රිඩකයා ඉවතට

මීට සුළු මොහොතකට පෙර ප්‍රථම තරගයට නායකත්වය දෙන තිසර පෙරේරා කාසිය වාසිය දිනාගෙන පලමුවෙන් පන්දු යැවීමට තීරණය කලේය.විශේශත්වය වන්නෙ ඉන්දීය නායක රෝහිත් ෂර්මාද කණ්ඩායම මෙහෙයවන ප්‍රතම තරගය මෙය වීමයි.

කෙසේ වුනත් අසේල ගුණරත්න කණ්ඩායමට කැදවා ඇති අතර සියලු දෙනා බලාපොරොත්තුවෙන් සිටි කුසල් ජනිත් ආබාධ තත්වය නිසා මෙම තරගයට ක්‍රිඩා නොකරයි.එමෙන්ම ධනංජයද සිල්වා සහ සධිර සමරවික්‍රමද මෙම තරගය සදහා ක්‍රිඩා නොකරයි.ඒ වෙනුවට තිරිමාන්න සහ සචිත් පතිරන කණ්ඩායමට කැදවා තිබෙනවා.දගපන්දු යවන්නා ලෙස අකිල ධනංජය ක්‍රිඩා කරනු ඇත.ශ්‍රි ලංකා පිලේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ල මැද පෙලට යොමු කර ඇති අතර තරංග සමගින් ධනුෂ්ක ගුණතිලක ශ්‍රි ලංකා ඉනිම ආරම්භක පිතිකරුවන් ලෙස කටයුතු කරනු ඇත.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top