gossip

පිටසක්වළින් පැමිණි බැක්ටීරියාව

රුසියානු අජටාකාශගාමියකු මෙන්ම ඉන්ජිනේරුවකු ද වන ඇන්තොන් ෂැක්ප්ලෙරෝව් කළ ප්‍රකාශයක් මහත් ආන්දෝලනයක් ඇති කළේය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළේ පිටත තිබී ඔහු ඇතුළු ඔහුගේ කණ්ඩායමට සජීවී බැක්ටීරියා විශේෂයක් හමුවුණු බවත්, එම බැක්ටීරියා පිටසක්වළින් ආ බවට ඔහු විශ්වාස කරන බවත් ෂැක්ප්ලෙරෝව් පැවැසීය.

මෙය සිදුවී ඇත්තේ මීට අවුරුදු 19 කට පෙර, 1998 වසරේදීය. කොටස් වශයෙන් උඩු ගුවනට යැවීමෙන් පසු එකලැස් කෙරුණු ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ විවෘත කෙරුණේ 1998 වසරේදීය. එම කටුත්තට ෂැක්ප්ලෙරෝව් සහ ඔහුගේ අජටාකාශගාමීන් දායක විය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ පිහිටා ඇත්තේ කිලෝ මීටර් 435 ත් 330 ත් ඉහළින් පෘථිවි කක්ෂයේය. මෙම අභ්‍යවකාශ නැවැතුම්පොළ ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළ ලෙස හැඳින්වෙන්නේ ලොව ප්‍රධාන රටවල් රැසක් එය නිර්මාණයටත්, පවත්වාගෙන යෑමටත් දායක වන බැවිනි.

සෑම විටම හය දෙනකුගෙන් සමන්විත ගගනගාමීහු කණ්ඩායම් මාස තුනෙන් තුනට හෝ හයෙන් හයට මාරුවෙන් මාරුවට අභ්‍යවකාශ නැවැතුම්පොළේ කටයුතු බලා ගැනීම සිදු කරති.

ෂැක්ප්ලෙරෝව් තව නොබෝ දිනකින් අභ්‍යවකාශ නැවැතුම්පොළ බලා යෑමට සූදානමින් සිටී. ඒ, තවත් ගගන මෙහෙයුමකටය. මෙය ඔහුගේ තෙවැනි ගගන මෙහෙයුම වනු ඇත.

වසර 19 කට පෙර සිදුවුණු එම සිදුවීම සම්බන්ධයෙන් ඔහු ලොවට අනාවරණය කළේ රුසියානු ‘ටාස්’ නමැති පුවත් නාළිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ ෂැක්ප්ලෙරෝව්ගේ ඉදිරි ගගන මෙහෙයුම සම්බන්ධයෙනි.

ෂැක්ප්ලෙරෝව් ඇතුළු සෙසු පිරිසට බැක්ටීරියාව දකින්න ලැබී ඇත්තේ ගගන සක්මනකදීය. බැක්ටීරියාව තිබී ඇත්තේ අබ්‍යවකාශ නැවැතුම්පොළේ පිටතින්, එහි ඉන්ධන බැහැර කරන කොටසේ බඳෙහිය. එය ඊට කලින් එතැන නොතිබුණු බවට ෂැක්ප්ලෙරෝව් සහතික වෙයි. ඔහු පවසන්නේ විශ්වයේ කොතැනක හෝ සිට බැක්ටීරියාව පැමිණෙන්න ඇති බවය. ඔහු එය හඳුන්වන්නේ ‘පිටසක්වළ අමුත්තකු’ කියාය.

‘රොස්කොස්මොස්’ එසේත් නැතිනම් රුසියානු අභ්‍යවකාශ ආයතනයට සම්බන්ධ විද්‍යාඥයන් එම බැක්ටීරියාව ගැන උනන්දු විය. ඔවුන් ඇමෙරිකාවේ නාසා ආයතනයට පවා මේ බව දැනුම් දී ඇතැයි ෂැක්ප්ලෙරෝව් පැවැසීය. අභ්‍යවකාශ නැවැතුම්පොළ තුළදී බැක්ටීරියා සාම්පල පරීක්ෂා කෙරුණි.

සියල්ල සිදුවී ඇත්තේ රහසිගතවය. බැක්ටීරියාවෙන් මිනිසාට හානියක් නොමැති බව සැක හැර දැනගැනීමෙන් පසු, රොස්කොස්මොස් ගගනගාමීන් එහි සාම්පල වැඩිදුර අධ්‍යනයන් සඳහා පෘථිවියට ගෙනා බව ෂැක්ප්ලෙරෝව් කියා සිටී.

ඉන්පසු රුසියාවේ පර්යේෂණාගාරවලදී බැක්ටීරියාව සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් පරීක්ෂණ පැවැත්වුණැයි ද ෂැක්ප්ලෙරෝව් වැඩි දුරටත් අනාවරණය කර තිබේ.

රුසියන් පුවත් සේවා ඇසුරිනි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top