ක්‍රිඩා

චන්දිමාල් එක් දින සංචිතයට ඒමට සැරසෙයි

ඉන්දියාව සමග පැවැත්වෙන එක්‌දින තරගාවලිය සඳහා ටෙස්‌ට්‌ නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව නොමැත. නමුත් එක්‌දින කණ්‌ඩායමට පැමිණීමට චන්දිමාල් හොඳ සටනක්‌ ඉදිරියේදී ලබාදෙන බව පවසයි.

‘එක්‌දින කණ්‌ඩායමට එන්න මගේ අඩුපාඩු ටිකක්‌ තියෙනවලු. මම කොහොමත් එක්‌දින තරගවලට කැමැතියි. ඒ නිසා ඉදිරියේදී තවත් මහන්සි වෙලා වැඩ කරනවා. මේක මට හොඳ අභියෝගයක්‌. හොඳට සටන් කරලා මම කණ්‌ඩායමට නැවතත් එනවා’ යෑයි චන්දිමාල් ඒ සම්බන්ධයෙන් පවසයි.

දිනේෂ් චන්දිමාල් එක්‌දින තරග 134 කදී ශතක හතරක්‌ සහ අර්ධ ශතක 21 ක්‌ සමග මුළු ලකුණු 3288 ක්‌ ලබා තිබේ. එහි ඉනිමක සාමාන්‍ය 31.92 ක්‌ වන අතර ප්‍රහාරාත්මක වේගය 74.15 කි. නමුත් චන්දිමාල්ට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිව ඇත්තේ ඔහුගේ ප්‍රහාරාත්මක වේගය හුවා දක්‌වමිනි. මීට පෙරද චන්දිමාල්ට එක්‌දින කණ්‌ඩායමේ ස්‌ථානය අහිමිවීමෙන් පසුව ප්‍රකාශ කලේ ‘මම එක පැත්තක ඉන්න වෙලාවෙ අනිත් පැත්තෙන් කඩුලු දැවී යනවා. එතකොට මට ලොකු පහරවල් ගහන්න බැහැ. එවිට ප්‍රහාරාත්මක වේගය අඩුවෙනවා.’ යෑයි පැවසීය.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top