gossip

ලෝකයේ වේගවත්ම ලැම්බෝගිනි ජීප් රථය නිපදවයි

සුප්‍රකට ලැම්බොගිනි සමාගම ලෝකයේ වේගවත්ම ජිප් වර්ගයට අයත් රථය හඳුන්වා දී තිබේ.

මෙම එස් යූ වී ජිප් රථය ඉතාලියේ දී හඳුන්වා දීම සිදුකර ඇත.

මෙහි මිල අමෙරිකා ඩොලර් ලක්‍ෂ දෙකේ සිට ඉහළ අගයක් ගන්නා බව වාර්තාවේ.

තත්පර තුනයි දශම හයක් ඇතුළත පැයට කිලෝමීටර සියයක් දක්වා මෙම නව රථයට ගමන් කළ හැකිය. මෙම රථයේ උපරිම වේගය පැයට කිලෝමීටර තුන්සිය පහකි.

එස් යූ වී ජිප් රථ ලොව ඉහළ ඉල්ලුමක් සහිත රථයක් ලෙස හැඳින්වේ.

වසර 2020වන විට මෙම වර්ගයට අයත් වාහන අලෙවිය සියයට විසිඅටකින් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top