දිල්ලියේ වායු දූෂණ ක්‍රිකට් ක්‍රීඩාවටත් තර්ජනයක් වී තිබේ. එය ත්‍රස්‌ත තර්ජනයට වඩා දරුණුය. දහස් ගණනක සොල්දාදුවන් යොදා ආරක්‍ෂාව තරකර දිල්ලියේ ෆෙරෝෂා කොට්‌ලා ක්‍රීඩාංගණයේ ටෙස්‌ට් තරගයක් පැවැත්වීමට හැකි වුවද මේ වායු දූෂණය නිසා ඇතිවන පීඩාව මගහරින්නේ කෙසේද?
ශීත කාලගුණයත් සමඟ දිල්ලියේ වායු දූෂණය අධික බව දැනගෙනත් මේ ටෙස්‌ට් තරගය අගනුවරට ගෙනාවේ කවුදැයි එන්. ඩී. ටී. වී. රූපවාහිනියේ විශ්නු සෝම් පෙරේදා රාත්‍රියේ එම රූපවාහිනියේ වැඩසටහනකදී ඉන්දීය ක්‍රිකට් බලධාරීන්ගෙන් ප්‍රශ්න කර සිටියේය.
ඊයේ දිනයේත් සුරංග ලක්‌මාල් වේගපන්දු යෑවීම පසෙකලා ක්‍රීඩාපිටියේ වමනය කිරීමෙන් පෙනී ගියේ කුමක්‌ද? මේ වායු දූෂණය වඩා ෙ€දනීය වී ඇති බව නොවේද?
ශ්‍රී ලංකා පුහුණුකරු නික් පෝතාස් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ සුරංග ලක්‌මාල් හා ධනංජය සිල්වා ක්‍රීඩාංගණය තුළ වමනය කරන අයුරු තරග තීරක ඩේවිඩ් බූන් සියෑසින්ම දුටු බවයි.
වායු දූෂණය ප්‍රබල වුවද ඉන්දීය ක්‍රිකට් කණ්‌ඩායම මුව ආවරණ පැළඳීම ප්‍රතික්‍ෂේප කළේ රටේ ගෞරවය රැකගැනීමට විය යුතුය.
ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක ගෞතම් ගාම්භීර් සිය ට්‌විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබුණේ අපේ නායකයන් චිත්‍රපටයක් ගැන වාද කරනවා මිස මේ වායු දූෂණය වැනි ප්‍රශ්න ගැන අවධානය යොමු නොකරන බවය.
මේ අතර ඉන්දීය මාධ්‍ය ශ්‍රී ලංකා ක්‍රිsකට් ක්‍රීඩකයන් මුහුණදී ඇති දැඩි අපහසුව පිළිබඳ සිය කනගාටුව පළකර ඇත. සමහර ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් අඳබාල අන්දමින් ලංකා න්‍රSඩකයනට චෝදනා කළ ද ඒවා එරට මාධ්‍ය මගින් නිර්දය විවේචනයට ලක්‌කර ඇත. ඉන්දීය වෛද්‍යවරු ප්‍රකාශ කර ඇත්තේ දිල්ලිය ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නුසුදුසු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රකාශ කර ඇති සෞඛ්‍යාරක්‍ෂිත වායු මට්‌ටමට වඩා දහඅට ගුණයක් දූෂිත වායු මට්‌ටමක් ෙෆ්රොෂා කොට්‌ලා ක්‍රීඩාංගණයේ තිබෙන බවය.
මේ අතර මේ තත්ත්වය ගැන පාකිස්‌තාන බලධාරීන් ද අවධානය යොමුකළ යුතු බව හිටපු පකිස්‌තාන ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් සිය ට්‌විටර් ගිණුම හරහා ප්‍රකාශ කර තිබේ. මන්ද පකිස්‌තානයේ නගර බොහොමයක ද වායු දූෂණය උග්‍රව ඇත.