දැනුම

හයි හීල් සෙරෙප්පු නිසා ගැහැණු ලමයි ලෙඩවෙන හැටි

“සෙරෙප්පු නිසා ගැහැනු ලෙඩවෙන හැටි

“ලස්සන විලාසිතාවක ප‍්‍රධානතම අංගයක් තමයි පාවහන් කියන්නේ. ඒ ගැන විවාදයක් නැහැ. කොයි තරම් ලස්සන ඇඳුමක් ඇන්දත් පාවහන් දෙක අපිළිවෙල නම් හෝ පාවහන් දෙක ගැන කිසි සැලකිල්ලක් නැත්නම් විලාසිතාවේ ලස්සන ඉබේම මැකී යනවා. නමුත් ලස්සන පාවහන් යුවලක් කියන්නේ උස පාවහන් යුවලක් කියන එකම නෙමෙයි. කකුල්වලට ලොකු වේදනාවක් දැනෙද්දීත් කොන්ද රිදුම් දෙත්දීත් බොහෝ කාන්තාවන් අඩි උස සපත්තු” ලස්සන විලාසිතාවක ප‍්‍රධානතම අංගයක් තමයි පාවහන් කියන්නේ. ඒ ගැන විවාදයක් නැහැ.

කොයි තරම් ලස්සන ඇඳුමක් ඇන්දත් පාවහන් දෙක අපිළිවෙල නම් හෝ පාවහන් දෙක ගැන කිසි සැලකිල්ලක් නැත්නම් විලාසිතාවේ ලස්සන ඉබේම මැකී යනවා.

නමුත් ලස්සන පාවහන් යුවලක් කියන්නේ උස පාවහන් යුවලක් කියන එකම නෙමෙයි. කකුල්වලට ලොකු වේදනාවක් දැනෙද්දීත් කොන්ද රිදුම් දෙත්දීත් බොහෝ කාන්තාවන් අඩි උස සපත්තු සෙරෙප්පු පලඳින්නේ තමන්ගේ සෞඛ්‍යය ගැන වත් හිතන්නේම නැතුවයි. අඩි උස සපත්තු නිසා සමාජය ඉදිරියේ ඇතැම් අය විහිළුවක් වෙන්නේත් ඒ විදියට අපහසුතාව සගවාගෙන ඇවිදින්නට තැත් කරද්දීයි. ඒ වගේම පාරේ බස්, කෝච්චිවල පොදු ප‍්‍රවාහන සේවා වල යන අය උස සපත්තු නිසා අනතුරු ආබාධවලට ලක් වුණු අවස්ථා ඕනෑතරම් තියෙනවා.

අඩි උස සපත්තු පැලැඳීම ගැන ගැඹුරින් කතාකරන්න අපි අදහස් කළේ මේ නිසයි.

දණහිස ලෙඩ කරවයි >>

කාන්තාවන් උස අඩි පාවහන් පැලඳ ඇවිදින විට තම දණහිස වැඩිපුර නවා ගමන් කරන නිසා දණහිසේ සහ උකුළ ප‍්‍රදේශයේ ආබාධ ඇතිවේ. උස අඩි පාවහන් පැළඳ ඇවිදීමෙන් ඔබගේ දණහිසට දැරිය යුතු බර ප‍්‍රමාණය වැඩිවේ. දණහිස යනු ශරීරයේ විශාලතම සන්ධියකි. මේ පීඩාව දිනපතා විඳිනවිට දණහිස රෝගීවේ.

කොන්ද ඇදකරන සෙරෙප්පු >>

උස අඩි සෙරෙප්පු පැලඳ අපහසුතාව දරාගෙන ගමන් කරන බොහෝ අයගේ කොඳුපෙළේ විවිධ රෝග ඇතිවේ. කාලාන්තරයක් තිස්සේ වැඩි වේලාවක් ඒවා පැළඳ සිටිනවිට කොන්ද වක‍්‍රාකාරයෙන් තෙරපීම මීට හේතුවයි.
බකල් කකුල් ඇති කරවන අඩි උස සාමාන්‍යයෙන් පාදයේ පතුල වක‍්‍රාකාර වේ. අස්ථිවල ආරුක්කු හැඩය නිසා අප සිටිගෙන සිටින විට සමානුපාතිකව ශරීරයේ බර පාද කරා බෙදී යයි.

උස අඩි සපත්තු පැලඳිමේදී විලූඹ පාදයේ අනෙක් කොටස් වලට වඩා උසින් පිහිටන නිසා ශරීරයේ බර පාදයේ ඉදිරිපසට හා ඇගිලිවලට ගමන් කරයි.ශරීරයේ සමතුලිතතාවය බිදී සිරුර ඉදිරිපසට ඇලවීමට මෙය හේතුවේ. බොහෝ කාලයක් මෙසේ සිදුවීමේදී කකුල සපත්තුවට අනුව විකෘතිවීමකට ලක්වේ. ශරීරයේ සමතුලිතතාවය බිදී සිරුර ඉදිරිපසට ඇලවීමට මෙය හේතුවේ. මෙවන් අවස්ථා වලදී කකුලේ හැඩය සපත්තුවේ හැඩයට අනුව වෙනස් වේ. මේ ආබාධය වැලඳුණු පුද්ගලයන්ට ඇවිදීම සම්බන්ධ විවිධ අපහසුතා හටගනී.

විශ‍්‍රාම දිවියට ඔස්ටියෝආතරයිටිස් >>

උස සපත්තු පළඳින අයගේ සන්ධි වටා ඇති කාටිලේජ බිදවැටීමෙන් ඔස්ටියෝආතරයිටිස් තත්ත්වය ඇති වේ. මෙමගින් සන්ධිවල වේදනාවක් හට ගන්නා අතර ක‍්‍රියාකාරිත්වය බාල කිරීම කරයි. දිගුකාලීනව උස අඩි පාවහන් පැලඳීම වක‍්‍රාකාරයෙන් ඔස්ටියෝආතරයිටිස් ඇති වීමට හේතු වේ. උස අඩි සපත්තු මගින් සන්ධි මත අනවශ්‍ය පීඩනයක් ඇති කරයි. මෙම පීඩනය නිසා සන්ධි ආබාධ ඇතිවේ.

බොහෝ කාන්තාවන් ජවසම්පන්න කාලයේදී මේ අපහසුතා දරාගෙන උස අඩි පාවහන් පැළඳීම නිසා ඔවුන් වයසට ගිය විට හෝ විශ‍්‍රාම ගිය විට නිරායාසයෙන්ම ඔස්ටියෝආතරයිටිස් රෝගයට ගොදුරුවේ.</p>

නියපොතු සම තුළට කාවද්දන උස සපත්තු >>

උස අඩි පාවහන් පැලඳීමේදී නියපොතු තදින් තෙරපීමට ලක්වීම මගින් නියපොතු සමතුළට වර්ධනයවීමක් සිදුවිය හැක. මෙය විවිධ බැක්ටීරියා ආසාත්මිකතා වලට හේතු වේ. උස අඩි පාවහන් පැලඳීම පාදයේ නියපොතු වර්ධනය බාල කිරීමට හේතුවක් වේ. එසේම සපත්තු ආකාරයේ විලාසිතාව නිසා නියපොතුවල බැක්ටීරියා සහ පුස් වර්ග සරුවට වර්ධනය වේ. මේ නිසා උස අඩි සමග විවිධ චර්ම රෝගත් පැමිණෙන බව කිවයුතුය.

කෙණ්ඩා පෙරළීමේ රෝගයටත් සපත්තු >>

උස අඩි පැළඳීම නිසා කකුලේ කෙණ්ඩා ප‍්‍රදේශයේ තිබෙන මස්පිඩු ඇදීමට ලක්වීම නිසා කකුලේ වේදනාව ඇතිවේ. ඇතැම් විට කෙන්ඩා පෙරලීම වැනි තත්වයන්ටද මෙය හේතු වේ. තරබාරු බවින් වැඩි කාන්තාවන්ට කකුලේ වේදනාවක් ඇති වීමේ වැඩි ප‍්‍රවණතාවයක් පවතී. ඊට හේතුව වන්නේ සිරුරේ මුළු බරින් විශාල ප‍්‍රමාණයක් දරා සිටින්නේ දෙපාවල ඇගිලි සහිත කොටස නිසාවෙනි.

තමන්ටත්, අනුන්ටත් රිද්දන උස අඩි >>

උස අඩි සෙරෙප්පු පැළඳ ගමන් ගන්නා කාන්තාවකගේ සෙරෙප්පුවකට වෙනත් කෙනෙකුගේ පය පෑගුණොත් ඔහු හෝ ඇයටත් තුවාල අනතුරු සිදුවේ. මේ ගැටලූව වැඩිපුරම තිබෙන්නේ පොදු ප‍්‍රවාහන සේවාවල ගමන් කරද්දීය. ලංකාවේ පොදු ප‍්‍රවාහන සේවා යනු බොහෝවිට අධික වෙහෙසකර සහ අධික තෙහෙට්ටුකාරී ආකාරයට සෙනග පුරවන ලද වාහනයි.

ඒ පීඩාවට අමතරව අනුන්ගේ සෙරෙප්පු පීඩාවකුත් දරාසිටින්නට සිදුවීම බරපතළ තත්වයකි. මේ නිසා තමාගේ සෞඛ්‍යය ගැන මෙන්ම අනුන්ගේ සෞඛ්‍යය ගැනද සිතා විශාල උස අඩි සෙරෙප්පු පැලඳීමෙන් වැළකී සිටීම නුවණට හුරුය.

උස අඩි සපත්තු වෙනුවට විලාසිතා සඳහා විවිධ පාටවල සෙරෙප්පු, ලස්සන පටි ආකාරයේ සෙරෙප්පු, පාදයේ සිට ඉහළට බඳින සෙරෙප්පු ආදී එකී නොකී විලාසිතා රැුසක් ඔබට අත්හදා බැලීමට පුළුවන.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top