ක්‍රිඩා

ශ්‍රි ලංකා එක් දින සංචිතය නම් කරයි .. ප්‍රභලයින් දෙදෙනෙකු ඉවතට

ඉන්දියාවට එරෙහි තරග 3 කින් සමන්විත එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ 16 දෙනෙකුගෙන් යුත් මෙම සංචිතයට ක්‍රීඩා අමාත්‍යවරයාගේ ද අනුමැතිය හිමිවී ඇති බවයි.

තිසර පෙරේරාට කණ්ඩායමේ නායකත්වය හිමිව තිබෙනවා.

උපුල් තරංග / ධනුෂ්ක ගුණතිලක / ලහිරු තිරිමාන්න / ඇන්ජෙලෝ මැතිව්ස් / අසේල ගුණරත්න / නිරෝෂන් දික්වැල්ල / චතුරංග ද සිල්වා සහ අකිල ධනංජය මෙම සංචිතයට ඇතුලත්.

සුරංග ලක්මාල් / නුවන් ප්‍රදීප් / සධීර සමරවික්‍රම / ධනංජය ද සිල්වා / දුෂ්මන්ත චමීර / සචිත් පතිරණ සහ කුසල් ජනිත් පෙරේරා සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.

මෙම සංචිතයෙන් දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් ඉවත් කර තිබෙනවා.

එක්දින තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද රාත්‍රී දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව එක්දින තරගාවලියේ පළමු තරගය ලබන 10 වනදා පැවැත්වෙනවා.

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top