gossip

ක්‍රි.ව 200 දී මිනිසුන් අහසින් ගමන් කල බවට විද්‍යාඥයන්ට සාක්ෂි හමුවෙයි

පේරු රටේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත.

මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත්‍රයි. රාජාලියන්, වඳුරන් ආදී අප හොඳින් දන්නා සතුන්ගේ රූප පමණක් නොව විවාධාකාරයේ සංකේත සහ රටාවන් ද මෙම නස්කා රේඛා අතර දකින්න ලැබේ.

අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ? මේ අයුරින් නොවිසඳුණු ප්‍රශ්න ඉදිරිපත් වෙද්දී, ඉකුත් දා නස්කා රේකා සම්බන්ධයෙන් නව පුවතක් ලොවට අනාවරණය විය. ඒ, ජපන් ජාතික විද්‍යාඥයන් දෙදෙනකු විසිනි.

නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ ක්‍රි.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි.

ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්ස්’හෙවත් ‘භූ ලේඛන’යනුවෙනි. යමගාටා විශ්ව විද්‍යාලයේ ජපන් විද්‍යාඥ මසාටෝ සකායි සහ ජෝර්ජ් ඔලානෝ විසින් සොයා ගත් නව සත්ව රූපයෙන් පිළිඹිබු වන සත්වයා මිත්‍යා සත්වයෙකි. පාද රැසක් උගේ මුඛයෙන් පිටතට පැමිණෙන අයුරු රූපයෙන් දිස්වෙයි. මීට පෙර, නස්කා රේඛා අතරින් නව රූපයක් සොයා ගත්තේ 2001 වසරේදීය.

ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.

බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය.

ඩැනිකන් කියා සිටියේ මේ චිත්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.

සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි

Click to comment

You must be logged in to post a comment Login

Leave a Reply

Most Popular

Copyright © 2018 1000talk.lk. Theme by TupWebs Srilanka

To Top